Ravana Astro

මා විසින් වසර ගණනක් පුරා පර්යේෂණාත්මකව අධ්‍යයනය
කරමින්,ඉතා සීමිත පිරිසක් අතරේ පවත්වාගෙන ගිය මෙම
ක්‍රිෂ්ණමූර්ති පද්ධති භාව කේන්ද්‍ර ජ්‍යොතිෂ සේවය වැඩි
දෙනාගේ සේවය සදහා වඩාත් පුළුල්ව පැවැත් වීම
මාගේ අභිප්‍රායයි….

මා ගැන

ක්‍රිෂ්ණමූර්ති පද්ධති භාව කේන්ද්‍ර ජ්‍යෝතීර්වේදී හර්ෂ දොඩංගොඩ වන මා දකුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ ලබුදූව ප්‍රදේශයේ රාවන ඇස්ට්‍රෝ නමින් ජ්‍යෝතිෂ ආයතනයක් පවත්වාගෙන යන්නෙමි. මා ගාල්ලේ ජනප්‍රිය පාසලක් වන මහින්ද විද්‍යාලයේ ආදි මිහිඳු පුත්‍රයෙකි.

ජ්‍යෝතිෂයට මෙන්ම ගුප්ත ශාස්ත්‍ර කටයුතු සදහා මා අත්පොත් ලැබූවේ මාගේ ලොකු සීයා වෙතිනි. පසු කාලයේ මා විවිධ ගුරු කුල යටතේ වසර ගණනක් ගෙවා දමමින් පර්යෙෂණාත්මකව අත්හදා බලමින් ජ්‍යෝතිෂයේ විවිධ පැතිකඩ පිළිබඳ මනා අධ්‍යයනයක් ලබාගන්නා ලදී. ජ්‍යෝතිෂය පිළිබඳ මනා දැණුම් සමිභාරයක් උකහා ගනීමට මාහට අවස්ථාව ලද්දේ ඉන්දියාවේදීය.ඉන්දියාවේදී ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය පිළිබද සුවිශේෂි ගුරුවරයෙකු වෙතින් ලද ජ්‍යෝතිෂ ඥානය මඟින් මා මාගේ සේවාදායකයන් හට සාමාන්‍ය ජ්‍යෝතිෂයට එහා ගිය අමිල වූ සේවයක් චකිතයකින් තොරව ලබාදේ. ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය මඟින් ජන්ම පත්‍ර පරීක‍ෂා කිරීමෙන් ඔබගේ ජන්ම පත්‍රය විනිවිධ දැකිය හැකියි. ජාත්‍යයන්තරව ද මා මෙම සේවය ලබාදෙනු ලැබේ. අප ආයතනයට පැමිණෙන සේවාදායකයන් අප ආයතනයෙන් නික්ම යන්නේ ඉමහත් සතුටින් හා ස්තූති පූර්වක ගෞරවයකිනි. ඔබ කුමන ආයතනයකින් සේවය ලැබූවත් අප ආයතනයට පැමිණියහොත් මා ඔබට ලබා දෙන්නාවූ සේවයෙහි වෙනස මනාවට තේරුම්ගත හැකිවෙනවා ඇත.

එසේම මා ප්‍රවීන ප්‍රාණීය සුවකරුවකු ද වේ. විශ්වයේ ඇති ප්‍රාණ ශක්තිය උපයෝගී කර ගනිමින් රෝගියාගේ සිරුරේ පවතින අයහපත් ශක්තිය ඉවත් කිරීමේත් ජීව ප්ලාස්මික ද්‍රව්‍ය (ශක්ති ශරීරය) නිසියාකාරව අවශ්‍යය ලෙස සැකසීමෙත් ක්‍රියාවලිය ප්‍රාණීය රෝග සුවකිරීම නම් වේ. මෙමඟින් බොහෝ රෝගාභාද, පීඩාකාරී වේදනාවන්, මානසික අසමතුලිතතාවයන් ඖෂධ භාවිතයකින් තොරව ඉතාමන් ඉක්මනින් සුවපත් කල හැකියි. ජාත්‍යයන්තරව පිළිගන්නා පුහුණුවක් මේ සඳහා මා ලබා ඇත.

ඇමරිකාවේ නිෂ්පාදිත නවීනතම උපකරණයක වන් උසස් තාක‍ෂණයෙන් යුක්තවූ Inner Energy 3D Aura Scanner යන්ත්‍රය මගින් ඔබේ ශරීරයේ ඇති චක්‍රවල ස්භාවය සහ ශරීරයෙන් පිටවන රශ්මි වලල්ලේ ඇති දුර්වලතාවන් සොයා , නියමාකාරයෙන් බල ගන්වන ලද නිසි ප්‍රමිතියෙන් යුත් නිවැරදි පාෂාණ (CRYSTAL) මගින් ඕරාව සමානුපාත කිරීමේ සේවාවද අප ආයතනයෙන් ඔබහට ලබාගත හැකි මහඟු සේවාවකි.

වාස්තු දෝෂ සම්බන්ධව පවතින ඕනෑම ගැටලුවක් සදහා ඉතාමත් සරල සාර්ථක විිද්‍යනුකූල පිළියම් මගින් ඉහල ගුණාත්මක සේවයක් අප ආයතනය මගින් මාගේ සේවා දායකයන් හට මා මෙතෙක් දිනක් ලබාදී ඇත.
සේවා දායකයන් සදහා වෙන් කරගත් වේලාවක් ලබාදීම මගින් ඔවුන් සමග සුහදව අදහස් හුවමරු කර ගනිමින් ඔවුන්ගේ ප්‍රශ්ණ සදහා සාවදානව ඇහුම්කන් දී ඒ සඳහා කල යුතු වත් පිළිවෙත් පිළිබද සියුම්ව ඔවුන් දැනුවත් කර ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක‍්ෂාකර ඉතාමන් විශ්වාසවන්තව ඔවුන්ගේ අවශ්‍යතාවයන් අප ආයතනය මගින් ඉටුකරණු ලැබේ. මාගේ සේවාදායකයන්ට එය ගණු දෙණුවකට එහා ගිය මානසික ප්‍රතිකාරයක් බව මාගේ මතයයි.

මා වෙත පැමිණ ගැටලු විසදාගත් පිරිස අපමණයි. ඔවුන් ලද ප්‍රතිඵල මා සමග බෙදා ගන්නා නිසාවෙන් ඉදිරි අනාගතයෙදී කල යුතු දේවල් පිළිබඳවත් ඔවුන් දැණුවත් කරමින් ඔවුන්ට අවැසි උපදෙස් ලබා දීම අප ආයතනයෙන් සිදුකරයි. මෙය මිල මුදල් වලට එහා ගිය සමාජ සද්කාරයක් ලෙසින් දකිනා මා අප ආයතනයට පැමිණ මෙම වෙනස වටහා ගන්නා ලෙසට සැමට ආරාධනා කර සිටිනවා.

ලග්න

මේෂාදී රාහි 12 හේ ස්වභාවය හා ගති ලක්ෂණ එකි නෙකට වෙනස් ය. මිනිසුන්ගේ ස්වභාවය හා ගති ලක්ෂණ ද එකි- නෙකාට වෙනස්ය. ඒ් ඒ රාශි වල ඇතිවන බල පෑම නිසා සියලු සත්ව සමූහයා එකිනෙකාට වෙනස් වූ ගති ගුණ වලින් යුක්ත ය. ජ්‍යෝතිෂය උගත්තෝ ඒ වෙනස්කම් හොදින් දැන සිටිති.

ඒ ඒ ලග්න සම්බන්ධයෙන් දක්වන්නා වූ සංෂිප්ත ගති ලක්ෂණ ග්‍රහයන්ගේ පිහිටීම් අනුව බෙහෝ දුරට වෙනස් විය හැකියි. ලග්නාධිපතියාත්, ලග්නයේ සිටින ග්‍රහයන් අනුවත් ගති ලක්ෂණ වෙනස්විය හැකියි. ග්‍රහ දෘෂ්ටි ගැනද සොයා බැලිය යුතුයි. නිශ්චිත තීරණ වලට එළැඹීමට ප්‍රථම නවාංශකය ගැනත් සැලකිලිමත් විය යුතුයි. ලග්නය කුමන රාශියක් ද එහි අධිපතියා කේන්ද්‍රයේ කොතැන ද වැටෙන ග්‍රහ දෘෂ්ටි මොනවා ද යන්න ගැනද සොයා බැලිය යුතු යි.කේන්ද්‍රයක ප්‍රතිඵල බැලීම නඩු ඇසීම වැනි වැඩක් යැයි කියන්නේ පිරික්සිය යුතු තැන් බොහෝ වන නිසායි.

මේෂ
වෘෂභ
මිථුන
කටක
සිංහ
කන්‍යා
තුලා
වෘෂ්චික
ධනු
මකර
කුම්භ
මීන

සේවාදායකන් ගේ අදහස්

මෙතුමාගෙන් සේවය මා ලබා ගනුයේ වසර ගනනක සිටයි. එහි දී මා ලැබූ විශ්වාසවන්ත භාවය සහ සත්‍යතාවය ගැන මා ඉතාමත් විශ්වාසයෙන් යුතුව මෙසේ ප්‍රකාශ කර සිටිමි.
චන්ද්‍රානි ලියනගේ

ජෙෂඨ මහාචාර්ය, වෛද්‍ය පිඨය, රුහුණු විශ්ව විද්‍යාලය

ජ්‍යොතිෂ් ශාස්ත්‍රය මානව ඉති්හාසය තරම්ව පැරණි එමෙන් ජනී ජනයාට ඉතා ප්‍රයෝ්ජනවත් සහ ඉතා වැදගත් විෂය ෙක‍ෂත්‍රයකි. ජ්‍යොතිෂශාස්ත්‍රඥයින් යැයි කියා ගන්නා අදත්තාදානයේ යෙදෙන බොහෝ පිරිසක් වර්ථමානයේ දී ශ්‍රි ලංකාව තුල එවන් වූ ජ්‍යොතිෂ්ශාස්ත්‍රය මුදල් ඉපයීමේ අරමුණට මුල් තැන දුන් ව්‍යාපාරික කටයුත්තක් ලෙස පවත්වාගෙන යයි. මෙවැනි පසුබිමක හර්ෂ දොඩන්ගොඩ යනු ජ්‍යොතිෂ්ශාස්ත්‍රය මැනවින් ප්‍රගුණ කළ, ව්‍යාපාරික වශයෙන් අප්‍රසිද්ධ මාහැගි ජ්‍යොතිෂ්ශාස්ත්‍රඥයකු බව මගේ අත්දැකීමයි.
ආචාර්ය නිසාන්ත කුරුකුලසූරිය

ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, රුහුණ විශ්වවිද්‍යාලය මාතර

දිනකට 10 ණප ක් පමණ පයින් ඇවිදන රැකියාවක නියතු මා නිරෝගී පුද්ගලයෙකි. මෙතුමාගේ පලාථල නිසා වෛද්‍ය පරීක්ෂන ස`දහා යොමු වූ මා, ඒ වන විටත් Silent Heart Attack දෙකක් පසු කර තිබුනි. මා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගතිමි. මෙතුමාට මා සදා ණය ගැති වෙමි.
අමරසිරි නානායක්කාර

අපගේ සේවාවන්

ජන්ම පත්‍ර සෑදීම (දේශීය , විදේශීය )

(දළ කේන්ද්‍ර, භාව කේන්ද්‍ර, ක්‍රිෂ්ණමූර්ති පද්ධති)

ක්‍රිෂ්ණමූර්ති භාව පද්ධතිය මගින් විශ්මිත පලාඵල

කථනයන් හා ජීවන ප්‍රශ්න වලට සුවිශේෂී සරල විසදුම්

සියලූම නැකැත් සෑදීම. (දේශීය , විදේශීය )

විවාහ පොරොන්දම් ගැලපීම

විවාහ නැකැත් සෑදීම

විවාහ නැකැත් පත්‍රය සෑදීම. (දේශීය , විදේශීය )

සෙතපතන කවි නිර්මාණය

දරැඵල අහිමි ඔබට විෂ්මිත පිළියම්

විෂ්මිත සුභඵල ගෙනදෙන ආරක්‍ෂක සුවද ධූපය

විශේෂ ආරක්‍ෂක මංජුසාව

පාරම්පරික හා පයිරා යාන්ත්‍රනය

මගින් නිවාස දෝෂ පරීක්‍ෂාව හා කැඩීම් බිදීම් නොමැතිව සරල පිළියම්

නිවාස සැලසුම් දෝෂ පරීක්‍ෂාව

ඕරා පරීක්ෂාව සදහා අති නවීන පහසුකම්

ඇමරිකාවේ නිෂ්පාදිත උසස් තාක්‍ෂණයෙන් යුක්ත Inner 3D Aura scanner සහ ඕරා බලගැන්වීම සදහා පළිගු සහ ප්‍රාණීය ශක්තිය මගින් ප්‍රතිකාර

රෝග නිවාරණය සදහා ප්‍රාණීය ශක්තිය මගින් ප්‍රතිකාර

නිසි වත්පිළිවෙත් අනුව නියමාකාරයෙන් ජීවම් කරණ ලද ග්‍රහ අපල සදහා යත්ත්‍ර දැමීම.

අපගේ ලිපි

රෝග නිවාරණය සදහා  ප්‍රාණීය ශක්තිය මගින් ප්‍රතිකාර

රෝග නිවාරණය සදහා ප්‍රාණීය ශක්තිය මගින් ප්‍රතිකාර

අද නවීන විද්‍යාවේ දියුණුවත් සමග බටහිර වෛද්‍ය විද්‍යාව මගින් මිනිසුන්ගේ පීඩාවලට ප්‍රතිකර්ම සොයාගෙන ඇත. නමුත් ලොව පවතින සියලු රෝග පීඩා මෙම ප්‍රතිකර්ම වලින් සුවකළ හැකි ද?......, ඇත්තෙන්ම සුවකළ හැක්කේ කිහිපයක් පමණි. ඊට හේතුව නවීන විද්‍යාව මගින් පිළියම් කරණු ලබන්නේ ශරීරය...

ඕරාව

ඕරාව

ටිබෙට් දේශයේ පැරණි තාන්ත්‍රික බෞද්ධ පොත්පත් වලද, හින්දු දර්ශනය පිළිබඳ පොත පතෙහිද, යුරෝපය ඇමරිකාව ආදී නොයෙක් රටවල අධි මානසික හැකියාවන් ඇති පුද්ගලයෝ ද අප ශරීරය වටා ඇති රශ්මි වළල්ලක් ගැන බොහෝ විස්තර සඳහන් කරති. එම රශ්මි වළල්ලේ ඇති නානා වර්ණ අනුව අපගේ සිතිවිලි ගැන සෞඛ්‍ය...

පිරමීඩ සහ වාස්තු විද්‍යාව. (පිරා යාන්ත්‍රණය)

පිරමීඩ සහ වාස්තු විද්‍යාව. (පිරා යාන්ත්‍රණය)

කැඩීම් බිදීම් නොමැතිව සරල පිළියම්  ඊජිප්තුවේ පමණක් නොව මුළු ලෝකයේම මධ්‍ය ලක්ෂ්‍යයෙහි මහා පිරිමිඩය ඉදිකර ඇත. පිරිමීඩය කැපීයන ලෙස සිරස් රේඛාවක් ඇන්ද විට ලෝක සිතියම දෙකට බෙදෙන බව විද්‍යාඥයන්ගේ අදහසයි. පිරිමීඩ සෑදීම සදහා යෙදාගත් වාස්තු සිද්ධාන්ත මෙනවාදැයි විමසා බලමු....

අප හා සම්බන්ද වෙන්න

සිරිධම්ම විදුහල ඉදිරිපිට,
159 A , වෙරලුගහ ලියද්ද,,
ලබුදූව, ගාල්ල.

හමුවක් සදහා වේලාවක් වෙන් කරවා ගැනීම.
අමතන්න:
077 - 3021978
071 - 4319129