මකර

මේ රාශියේ අධිපතියා සෙනසුරු ය. දුකට අධිපති ඔහු මකර ලග්නයෙන් උපන් අයට ලෞකික සැප සම්පත් උදා කරයි. එම ලග්නයෙන් උපන් අයගේ හැටි පහත දැක්වෙන කරුණු වලින් පැහැදිලි වනු ඇත.

අනුන් ගැන කිසිසේත් නොතකයි. හැම විට ම සිතනුයේ තමා ගැන ම ය. දැඩි සේ ආත්මාර්ථකාමී ය. කිසිවෙකුට රැවටීමට අමාරු ය. මුදල් ඉපැයීමට දක්ෂ ය. යුක්ති අයුත්ති නොතක යි. දේපොළ වස්තුව කෙරෙහි තණ්හාදික ය. හොඳ කල්පනාවෙන් වැඩ කර යි. වැඩටත් සූරය කඩිසර ය. මැරී ගෙන හම්බු කරයි. අනුනට යමක් දෙන්නට නොසිතයි. ගන්නටම බලයි. පරලොවක් ගැන නොසිතා මෙ ලොව දියුණුව සඳහා කැප වෙයි. බාධක කරදර නොතකයි. තම වාසිය පතා නිතරම කටයුතු කරයි. කම්මැලි නැත. නිකරුනේ කාලය ගත නොකරයි. හැම මොහොතක ම වෙහෙසී ස්වකීය යහපත සඳහා කටයුතු කර යි. වියදම් කරන්නට පෙර ඒ වියදමෙන් තමනට වාසියක් සැලසේදැයි කල්පනා කරයි. අනුන්ගේ උදව් බලාපොරොත්තු වේ . එහෙත් අනුනට උදවුවක් කිරිමට අකමැති ය. යහළු මිත්‍රයන් අඩුය. ලැබෙන්න ලැබෙන්න ඉදිරියට යයි. අවාසිය දුටු තැන ලිස්සා යයි. උසස් සතිවිලි අඩු ය. කතාවට ද දක්ෂ ය. එහෙත් කතාවේ හර බර ගතියක් නැත. වෙළෙද ව්‍යාපාරික කටයුතුවලට දක්ෂයෙකි. අඩුවට ගෙනා බඩුවක් උව ගිනි ගණනට විකුණා ලාභ ගනියි. පරාජයට කැමැති නැත. කෙළෙහිගුණ ද අඩු ය. කෛරාටික ය. අනුනගේ සුලු අඩුව වුව මහත් කොට තකයි. තම අඩු පාඩු නොපෙනෙ යි. මවු – පියන් නෑදෑ හිතවතුන් ගැන ඒ තරම් තැකීමක් නොකරයි. වෙන කෙනෙකුට ලැබෙන්න තිබෙන දේ ඔහුට යාම වලක්වා එය තමන් අතට ගැනීමට නිතර සිතයි. මොන තරම් තිබුණත් එය මදි යැයි සිතනවා මිසෙක තෘප්තිමත් නො වෙයි. එක ම අරමුණ බදා ගැනීම මිස බෙදා ගැනීම නො වේ. බුද්ධිමත් ය, එහෙත් බුද්ධිය යොදා ගනුයේ අනුන්ගේ යහපත පිනිස නොවේ . තම අර්ථලාභය සදහාම ය.

මකර ලග්නයෙන් උපන් අයගේ දුර්වලකම් හැටියට වඩාත් කැපී පෙනෙනුයේ තමන් ගැන මිසෙක අනුන් ගැන නො සිතීම, ලෝභකම, මැරී ගෙන හරි හම්බ කිරීම , පරලොවක් ගැන නොසිතා කටයුතු කිරීම වැනි ගති ගුණ ය.
මකරයෙන් උපන් අයට සදුදා , සෙනසුරාදා යන දවස් අයහපත් ය. අඟහරුවාදා සිකුරාදා දවස් යහපත් ය.

සුදු, රතු, නිල් යහපත් පාට ය. කහ සහ තැඹිලි පැහැ අගුණ ය. අයහපත් ය.

අප හා සම්බන්ද වෙන්න

සිරිධම්ම විදුහල ඉදිරිපිට,
159 A , වෙරලුගහ ලියද්ද,,
ලබුදූව, ගාල්ල.

හමුවක් සදහා වේලාවක් වෙන් කරවා ගැනීම.
අමතන්න:
077 - 3021978
071 - 4319129