කුම්භ

මේ රාශියේ අධිපතියා ද සෙනසුරු ය. සෙනසුරුට අයත් මීට ඉහත කියැවුනු මකරයට වඩා කුම්භ රාශියේ ගති ගුණ වෙනස් ය. ඒ බව මෙහි පහත දැක්වෙන කරුණුුවලින් පැහැදිලි වනු ඇත.

නැති බැරි අයට උදව් කරයි. තමන් සන්තක දේ වුව අනුන් සදහා වියදම් කරන්නට සූදානම් ය. ලෝභකම්, මසුරුකම් නැත. පරිත්‍යාගශීලීය. එඩිතර ය, එහෙත් කරන තරමට ඵල නො ලැබී යයි. ආගමට හිතවත් ය. එහෙත් පෙන්වන තරමට නො වේ. බොහෝ විට අලසය, ඇතැම් විට එකක් කරන ගමන් තව එකක් පටන් ගනියි. කවියට කලාවට කැමති ය. ගත් කතුවරයෙකු ද විය හැකි ය. තනිව වාසය කිරීමට කැමතිය. තරමක් කාමුක ය. ධාරණ ශක්තියෙන් යුක්ත ය. පොතපත කියැවීමට ප්‍රිය කරයි. මනා කථීකත්වයෙන් යුක්ත ය. ළගන්නා ඇසුරෙන් කතා කර යි. අනුනට අවවාදානුශාසනා කරන්නට දක්ෂ වෙයි. ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමට ප්‍රිය කරයි. ඒ කටයුතු වල නිරත වෙයි. ධනය වස්තුව සොයා තම කාලය කැප නොකර යි. ලද තරමෙන් සැනැසීමට කල්පනා කර යි. බලය සදහා ඉදිරියට යන ගතිය බොහෝ විට අඩු ය. අනුන්ගෙන් ලබන්නට නොව අනුන්ට දෙන්නට දෑත් දිග හැරුණු ගමන් ය. ඉහළ අධ්‍යාපනයක් නොලද ඇත්තකු වුවත් , හැම විෂයක් ගැන ම දැනුම් තේරුම් ඇති බව ප්‍රකට වෙයි. ලොකුවට පිම්බී සිටින වාට වඩා පොඩි මිනිසෙකු ලෙස චාම්ව සිටීම යහපත් කොට සිතයි. අනුනගේ විපත තම සැපත කැර නො ගනියි. ප්‍රසිද්ධියට පත්වීමට කැමැති වුවත් , ප්‍රසිද්ධිය පසු පස නො යයි. සමාජ සේවයට කැප වෙයි. ඒ අංශවල නිලතලවලට පත් වෙයි. හැම දෙයක් ගැන ම සැක ඇති කැර ගන්නා සුලු ය.

කුම්භ ලග්නයෙන් උපන් අයට බදාදා සහ ඉරිදා නරක දවස් ය. සිකුරාදා සියලු අතින් ම සුභ ඵල ගෙන දෙන දිනය කි.
සුදු, කහ සහ රතු වාසනාව ගෙන දෙන පැහැයන් ය. කොළ සහ නිල් පැහැය අයහපත් ය.

කම්මැලිකම ඉදිරිය යාමට ඇති අකැමැත්ත, හුදෙකලාජීවිතයට ප්‍රිය කිරිම, සැකය, පසුතැවිල්ල කුම්භ ලග්නයෙන් උපන් අයගේ දුර්වලකම් හැටියට සදහන් කළ හැකි ය.

අප හා සම්බන්ද වෙන්න

සිරිධම්ම විදුහල ඉදිරිපිට,
159 A , වෙරලුගහ ලියද්ද,,
ලබුදූව, ගාල්ල.

හමුවක් සදහා වේලාවක් වෙන් කරවා ගැනීම.
අමතන්න:
077 - 3021978
071 - 4319129