මේෂ

රාශිි චක්‍රයේ මුල්ම රාශිය මේෂය යි. එහි අධිපතියා සටන්කාමී අඟහරු හෙවත් කුජ ය . මේෂය උෂ්ණ ය. එමෙන්ම වඳ රාශිය කි. චංචල ස්වාභාවය නිසා එය හඳුන්වා ඇත්තේ චර රාශියක් හැටියට ය. මේ රාශිය ලග්න කොට උපන් ස්ත්‍රීන් හා පුරුෂයන් තුළ දැකිය හැකි ගති ලකෂණ හා ස්වාභාවය සාමාන්‍ය වශයෙන් මෙසේය.

එඩිතරය, පෙරමුණට යෑමේ ආත්ම ශක්තියෙන් යුක්ත ය. කඩිසරය, කාර්යක්ෂම ය. සණ්ඩු සරුවල්වලට නැඹුරු ය. පරාජය පිළිගැනීමට අකමැති ය. ජයග්‍රහණය එකම අරමුණ ය. අනුන් ගේ බහට අවනත නොවෙ යි. තම මතය ඉෂ්ඨ කර ගැනීමට වෙහෙස දරයි. ආඩම්බරය, තමාට වඩා ඉහළ කෙනෙකු නැතැයි යන මතය දරා සිටි යි. යමක් කරන්නට ඕනෑ යැයි සිතුවොත් එය මැරී ගෙන හෝ කරයි. අපේක්ෂා මුදුන් පත් කර ගන්නා තුරු සටන් කරයි. ලොකු වැඩ මිස සුලු කටයුතු නොතකයි. ඉවසීමේ ගතිය අඩු ය. මුරණ්ඩු ගතිය වැඩි ය. පනින්නට පෙර සිතා බලයි. දුර දක්නා නුවණින් යුක්ත ය. එක වැඩක් කරන ගමන් තව වැඩ රාශිියක් පටවා ගනි යි. සාර්ථක විවාහයක් කර ගන්නට වෙර දරයි. නිතරම මොනවා හෝ කන්නට ඕනෑ කරයි. අනුන් යටත් කර ගෙන කටින් ජය ගන්නට බල යි. ඇනුම් පද කිය යි. හරි හම්බ කරන දෙය අනුන් උදෙසා කැප කරන්නට සැරසෙයි. අවශය දේ ගැන නොව අත්‍යාවශ්‍ය දේ ගැන වැඩිපුර සිත යි. සමාදානයට වඩා ආත්ම අභිමානයෙන් සිටින්නට උත්සාහ දරයි. අනුන්ගේ දේ කඩා වඩා ගන්නට නොසිතයි. පරාර්ථකාමී ය. අපක්ෂපාතීය, එ මෙන් ම යුක්ති සහගත ය.

මේෂ ලග්නයෙන් උපන් අයට රවි හා සෙනසුරු ග්‍රහයෝ ශුභ ඵල උදා කරත් . රවි-ගුරු සංයෝගය කේන්දරයේ යෙදී ඇත්නම් එය ඉතා වටින යෝගයකි. සිකුරා මාරක ග්‍රහයෙකි. සදු (චන්ද්‍ර ) ගුරු ( බ්‍රහස්පති) කිවි ( සිකුරු) ග්‍රහයෝ අශුභ ඵල උදා කරත්.

එ සේ ම, අගහරුවාදා දිනය අගහරු හෝරාව සහ වෘෂ්චික ලග්න උදාව ඉතා ම නරක යි.

හිසේ අමාරු, අනතුරු උණ රෝග, මැලේරියා, අංශ භාග වැනි රෝගවලට පහසුවෙන් ගොදුරු විය හැකි ය.

අප හා සම්බන්ද වෙන්න

සිරිධම්ම විදුහල ඉදිරිපිට,
159 A , වෙරලුගහ ලියද්ද,,
ලබුදූව, ගාල්ල.

හමුවක් සදහා වේලාවක් වෙන් කරවා ගැනීම.
අමතන්න:
077 - 3021978
071 - 4319129