ටිබෙට් දේශයේ පැරණි තාන්ත්‍රික බෞද්ධ පොත්පත් වලද, හින්දු දර්ශනය පිළිබඳ පොත පතෙහිද, යුරෝපය ඇමරිකාව ආදී නොයෙක් රටවල අධි මානසික හැකියාවන් ඇති පුද්ගලයෝ ද අප ශරීරය වටා ඇති රශ්මි වළල්ලක් ගැන බොහෝ විස්තර සඳහන් කරති. එම රශ්මි වළල්ලේ ඇති නානා වර්ණ අනුව අපගේ සිතිවිලි ගැන සෞඛ්‍ය ගැන බොහෝ තොරතුරු පැවසිය හැකියැයි ඒ පත පොතේ සඳහන් වේ.

ආගමික ඉතිහාසයට අනුවත් ගුප්ත දර්ශන තොරතුරුවලට අනුවත් මෙම රශ්මි මාලාව ප්‍රභලව විහිදුන ශරීරයක් ඇති මනුෂ්‍යා වන්නේ ලොවුතුරා බුදුරජානන් වහන්සේගේය. සෝපාක වැනි අසරණයන්ට මේ රශ්මි මාලාව යොමා සරණ වී ඇති උන්වහන්සේගේ එම රශ්මි මාලාව සැතපුම් දෙසීයක් දුරට විහිදුන බව ‘හව් ටු රීඩ් ද ඕරා’ (How to Read the Aura) යන පොත ලියූ ඩබ්ලිව්. ඊ. බට්ලර් නැමති බ්‍රිතාන්‍ය ලේඛකයා පවසයි.

මෙම රශ්මි ප්‍රභාව අපගේ භෞතික ශරීරය වටා අගල් කිහිපයක් ඝනකමට පිහිටා ඇත.ඇතැම් විට එය ඊටත් වඩා පුලුල් වීමටද හැකියි.මෙම අපගේ  භෞතික ශරීරයේම අනුරුවකි.මෙම ශක්ති ශරීරය භෞතික ස්වරූපයක් නොපෙන්වයි. එය සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනෙන සංයුතියෙන් නිමවී ඇත. එය කිර්ලියන් උපකරණය මඟින් දැකගත හැකියි. 

විද්‍යාවේ විශිෂ්ට සොයා ගැනීම් බොහොමයක් අහම්බෙන් සොයාගත් අයුරින්ම , විද්‍යුත් උපකරණයක් අලුත්වැඩියා කිරීමකදී අහම්බෙන් ලත් අත්දැකීමක් මත රුසියන් ජාතික විදුලි කාර්මික සිමියොන් ඩෙවිඩොවිව්  කිර්ලියන් විසින් තම බිරිදවූ වැලන්ටිනා ක්‍රිසන්ෆෝනාගේ සහායද ඇතිව අපවටා ඇති රශ්මි මාලාව ඡායා රූපයට ගතහැකි කිර්ලියන් උපකරණය නිපදවන ලදී. එයට සම්බන්ධ කළ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය මගින් එම රශ්මි මාලාවේ කිරණ විහිදීම දෙනෙතින්ම බලාගත හැකියි.

කිර්ලියන් උපකරණයෙන් පෙන්වන ආකාරයට සාමාන්‍ය මිනිසෙක්ගෙන් විහිදෙන රශ්මි මාලාව නිල්, කහ, රතු, ඔරේන්ජ් ආදී වර්ණවලින් යුක්ත වූවත් ඔහුගේ සිතිවිලි අනුව නිතර මේ කිරණයන්ගේ වර්ණ නා නා ආකාරයට වෙනස්වෙි.

එහෙත් නිතර සමාධිගත වූ කරුණා පිරුණු බුදුන් වහන්සේගේ මෙම රශ්මි වළල්ලෙහි සුවිශේෂ නොසැලෙන මනස පෙන්වන ලක්‍ෂණ ප්‍රබලව ඇති බව නිසැකය. බුදු රැස්හීද ප්‍රධානව ඇත්තේ නිල්, කහ, රතු, ඔරේන්ජ් හා සුදු වර්ණයන් වේ.

1939 දී අත්හදා බලනලද  ලද මෙම උපකරණය අද වනවිට ඉතාමත් දියුණු තාක්ෂණයකින් හා ඉමහත් පිළිගැනීමකින් යුක්තවී ඇත.

 ශක්ති ශරීරය තුල භෞතික ශරීරයට ආසන්නවම  පිහිටි රශ්මි මාලාව ඕරා (Aura) වශයෙන් හදුන්වයි.

 ශබ්ද තරංග, ආලෝක කිරණ, චුම්භක ධාරා, වර්ණ  තුලින් එන කිරණ, දේශගුණික බලපෑම් ආදියත්, කොස්මික්(අන්තරීක්ෂ) කිරණත්, අපට පෑගෙන තණ කොළයේ සිට ඈත එපිට සඳ හිරැ තරැවල සිට අප කරා එන සෑම ශක්ති කිරණ විශේෂයක්ම පළමුව අපගේ සිරුර වටා ඇති බයෝ ප්ලාස්මීය රශ්මි මාලාවට බලපායි. ඊළගට ඒ තුළින් අපගේ ශරීරයට බලපායි.

එසේ ඇතිවූ බලපෑම් අපගේ බයෝ ප්ලාස්මීය ශක්තියේ ක්‍රියාකාරීත්වය හා බාහිරව පැමිණෙන කිරණ වල ශක්තිය අනුව, ක්‍ෂණිකව හෝ දින දෙක  තුනකින් හෝ මාස ගණනකින් හෝ සිරුර තුලින් රෝගාබාදයක් ලෙස උවද මතුවීමට ඉඩ ඇත.

මෙම ශක්ති ශරීරය මගින් විශ්වයේ ඇති ශක්තීන් උරාගෙන එම ශක්තීන් භෞතික ශරීරයට ලබාදේ මෙම කාර්යය කරණු ලබන්නේ චක්‍ර මගිනි.

චක්‍ර , මින් රවුම යන අදහස දැක්වේ. චක්‍රයක් සාමාන්‍යයෙන් අගල් 4 ක වටප්‍රමාණයක් ඇති නිරන්තරයෙන්ම රවුමට චලනය වන ශක්ති ක්‍ෂෙත්‍රයකි. මෙම චක්‍ර භෞතික ශරීරයට පිටතින් ඇති , ශක්ති ශරීරය ලෙස අප හදුන්වාදෙන කොටස  තුල ඇරඹේ. මෙවා භෞතික ශරීරයේ එක් පසෙක සිට අනෙක් පසට ගොස් නැවත විශ්වයට විවෘතව ඇති දොරටු ලෙස පිහිටා ඇත. මෙහි සුවිශේෂ ලක්ෂණය වන්නේ , මෙම දොරටු ශරීරයේ ඉදිරිපසින් පිහිටා සුලියක ඇති නාභිය ( දණ්ඩක් සේ ඇති කොටස ) භෞතික ශරීරය හරහා ගොස් ඉතා සියුම් කෙළවරක් සේ නැවත වරක් විශ්වයට විවෘත වීමයි. මෙය හැඩයෙන් පුනීලයක ආකාරය ගනී.

මෙවැනි ප්‍රධාන ස්ථාන 7ක් මිනිස් සිරැරේ හඳුනාගෙන ඇත. මෙම ස්ථාන හිස මුදුනේ සිට කොදු ඇට පෙලේ අවසානය දක්වා ඇති කොටසේ දක්නට ලැබෙන අතර,  මේවා ප්‍රධාන චක්‍ර ලෙස හඳුනාගෙන ඇත. මීට අමතරව දෙවැනි ගනයේ සහ තෙවැනි ගතයේ චක්‍ර කීපයක් ද වෙනත් ස්ථාන වල පිහිටා ඇත.  මේවා සියල්ල බොහෝ විට  මෙරීඩියන්ස්  ලෙස හඳුන්වන ස්නායු ජාල මෙන්ම ආයුර්වේදයේ පෙන්වන අයුරින් හත්තෑ දෙදහසක් වූ නාඩි වලට කිසියම් ආකාරයකින් සම්බන්ධව ශරීරයේ ස්ථානීයව ප්‍රතික්‍රියා කරණ ප්‍රදේශවල පිහිටා ඇත. 

උදාහරණ ලෙස මේවා අත්ල, වැලමිට, වළලුකර, ඇස්වට පෙදෙස්වල පිහිටා ඇත. කුඩා චක්‍ර අත් පා වල ඇඟිලි තුඩු වල පිහිටා ඇත. අත්ල   ඇඟිලි තුඩු ශක්තිය පිටකිරීමට සමත් ස්ථාන ලෙස හදුන්වන්නේ එබැව්නි.

ඇස, කන්, නාසය, දිව, ශරීරය යන පසිඳුරන්ට අමතරව අප හා විශ්වය සම්බන්ධ කරණ අනෙක් කොටස් හතර , දෙපතුල් සහ දෙඅත්ලයි. යටිපතුල්වල සහ දෙඅත්ලෙහි අපේ මුලු ශරීරයෙහිම ඇති ඉන්ද්‍රියයන් පාලනය කරණ විශේෂ නිල පිහිටා ඇත. ඕරා ස්කෑනරය මත තබන ඔබේ අත්ලෙන්, ඔබේ සම්පූර්ණ ශරීරයම කියවීමට, දැකීමට හැකි වන්නේ එබැවිනි. 

නවීන තාක්ෂණයෙන් යුතු 3D ඕරා යන්ත්‍රයේ ස්කෑනරය මත ඔබේ අත්ල තැබූවිට , ඕරා යන්ත්‍රය තුලින් ඔබගේ ශරීරයේ චක්‍රවල ක්‍රියාකාරීත්වය ඔබට ම දැකගත හැකිවේ.මෙමගින් කිසිවිටකත් අහිතකර තත්වයක් ඇතිනොවනුයේ මෙම යන්ත්‍රය සඳහා ඔවුන් භාවිතාකර ඇත්තේ Bio Magnitic Field හෙවත් ජීව චුම්බක ශක්තියයි.

  1. මනුෂ්‍ය ශරීරයේ ඕරාව 
  2. චක්‍ර 7 
  3. චක්‍ර දර්ෂකය 
  4. ශක්ති මට්ටමි ( Energy Level )   දම් පාට – ප්‍රතිභාන ඥානය/ ප්‍රඥාව,කොළ පාට – මානසික ශක්තිය,  ළානිල් පාට – හැගීම්වල ශක්තිය, රතු පාට – භෞතික ශක්තිය
  5. හිතේ ඇතිවන හැගීම් ( Aura Wave )
  6. ඕරා ශක්තිය (Aura Power)
  7. මනස, ශරීරය හා ආත්මය සමානුපාත කිරීම (Energy Blance )
  8. කැමරාවෙන් පෙන්වන ඔබේ ඕරාව

ඔබේ ශරීරයේ ඇති කිරණ ශක්තිය මෙම ඕරා ස්කෑනර් යන්ත්‍රය මගින් පරීක්ෂා කෙරෙන අතර දුර්වල කිරණ ඉවත් කර යහපත් කිරණ ලබා දීමට හැකි අයුරින් ඔබේ ශරීරයේ සප්ත චක්‍ර බලවත් කරණු ලැබේ. එය සිදු කරණුයේ මැණික් හා ක්‍රිස්ටල් (පළිඟු) භාවිතයෙනි.  මැණික් හා ක්‍රිස්ටල් (පළිඟු)  ඔබේ අතේ තැබූ සැනින් ඔබේ ශරීරයේ කිරණ ශක්තිය වෙනස් වේ. මෙය ඔබට දැකගත හැකියි. මෙහිදී ඔබේ ඕරාව සමානුපාත කරීම කරණු ලැබේ. මින් ඔබේ කායික හා මානසික තත්වයන් වර්ධනය කරණු ලබන අතර ඔබට ඇති රෝග පීඩා කරදර බාධක ඉවත් වේ. ඔබේ ලෞකික දියුණුව ඇති කෙරේ. ප්‍රඥාව වර්ධනය කෙරේ. බුද්ධිය ප්‍රභාවත් වේ. මෙය කුඩා දරැවන්ගේ සිට වැඩිමහලු අය දක්වා  ඉතාමත් ප්‍රයෝජණවත් දෙයකි.

මූලාධාර චක්‍රය ර තු පැහැය

ස්වාධිස්ථාන චක්‍රය තැඹිලි පැහැය

මනිපුර චක්‍රය කහ පැහැය

අනහත චක්‍රය කොළ පැහැය

විශුද්ධි චක්‍රය ලා නිල් පැහැය

ආඥා චක්‍රය තද නිල් පැහැය

සහස්‍රා චක්‍රය දම් පැහැය

මෙම චක්‍ර එක් එක් පුද්ගලයාගේ ශරීරය තුල ක්‍රියාත්මකවන ආකාරය විවිධය. එනම් මෙම චක්‍රවල බලය ඇති කරණු ලබන්නේ ඒ ඒ පුද්ගලයාගේ ශරීරයේ තිබෙන්නාවූ ශක්තීන් අනුවය. 3D ඕරා තාක්ෂණයේදී මෙම චක්‍ර පිළිබඳ විද්‍යාත්මක ලෙස සිදුකරණ කියැවීම් තුළින් ඒ ඒ පුද්ගලයාගේ ශක්තීන් මෙන්ම දුර්වලතා හඳුනා ගැනීම සිදුකල හැකියි

ඕරා ස්කෑනර් පරීක්ෂණයකදී ඔබේ ශරීරයේ මෙම චක්‍ර ඉතාමත් පැහැදිලිව දැකගත හැකියි. එසේම දුර්වල චක්‍ර ද හඳුනාගත හැකියි. මෙම චක්‍ර හත නිවැරදිව හා සමබරව ක්‍රියාකරයි නම් එබට කිසිදු පීඩාවක් හෝ බාධාවක් ඇති නොවේ. මෙම චක්‍රවල බලය දුර්වල වීමට, ජ්‍යෝතිෂයේ දැක්වෙන ග්‍රහ තරුවල බලයද වාස්තු දෝෂ මගින් ඇතිවන බලයද බුදු දහමට අනුව කර්මයන්ගේ බලයද බලපානාබව කිව හැකියි.

මිනිසා යනු හුදු භෞතික ජීවියෙක්ම නොවේ. ශරීරය, මනස හා ආත්මය යන ත්‍රිත්වයම එක්ව ගොඩ නැඟුන ඇතිවීම, පැවතීම හා නැතිවීම යන ධර්මතාවයන් අනුව ස්භාවධර්මයට අනුකූලව කටයු තුකළ යුතු ජීවියෙකි. ඕරා ස්කෑනර් යන්ත්‍රය .තුළින් ඔබට ඔබේ මෙම චක්‍ර 7 මෙන්ම ඔබේ මනස, ආත්මය හා ශරීරය කිනම් අයුරකින් ක්‍රියාකරයිද යනවග දැකගනීමට හැකියි.

ඉහත පැහැදිලි කළ අයුරින් ඔබේ ශරීයේ දුර්වල වූ චක්‍ර ක්‍රිස්ටල් හා මැණික් භාවිතා කිරීම  තුළින් සමතුලිත කිරීම සිදුකරණු ලැබේ. ඒ සදහා දුර්වල නොවූ නියමා කාරයෙන් බල ගන්වන ලද ක්‍රිස්ටල් හා මැණික් උපයෝගී කර ගත යුතුවේ. ටයිගර් අයි (ක්‍රිස්ටල් වර්ගයකි) වළල්ලක් පැළදීමට ඇති ආශාව මත තම හිතුමතයට එය නොකළ යුතුවේ. 

සමබරව තිබූ චක්‍ර වෙනස්  කර ගැනීම, අපගේ මෙවැනි ක්‍රියාවලින් සිදුවන බව සිහි තබා ගනීම වැදගත්ය. එනිසා නිසි ආකාරයේ ඕරා පරීක්ෂාවකින් ක්‍රිස්ටල් පැළදිම සිදුකළ යුතුවේ.

ඕරා පරීක්ෂණයකින් ඔබට ලැබෙන ප්‍රයෝජන කිහිපයක්.

    • කේද්‍රය නොමැති වුවද ඕරා පරීක්ෂාවක් මගින් ඔබගේ ප්‍රශ්ණ සඳහා පිළියම් යෙදිය හැකියි.
    • මනස, ශරීරය හා ආත්මය යන ත්‍රිත්වයම සමානු පාත කිරීමට හැකියි.
    • ශරීර චක්‍ර ක්‍රියාත්මක වන ආකාරය දැන ගැනීම හා දැක ගැනීම.
    • අයහපත් ලෙස වැඩිවී ඇති චක්‍ර හා යහපත්, එහෙත් දුර්වල චක්‍ර හඳුනා ගැනීම.
    • නියමිත මැණික් හෝ  ක්‍රිස්ටල්  ඔබ අතටදී චක්‍ර සමානුපාත කරණා අයුරු ඔබටම දැකගත හැකි වීම.
    • ඔබගේ ශරීරයේ පීඩා වියහැකි කොටස් වෙන වෙනම හඳුනා ගැනීම. ( මානසික දුබලතා, මානසික පීඩා, අස්ථි දුර්වලතා, හදවත් රෝග, ස්නායු රෝග, පිළිකා, ලිංගික දුබලතා)
    • දැනට පීඩා සමනය කිරීමට අදාල චක්‍ර සමානුපාත කිරීම හා අනාගතයේ ඇතිවන පීඩා අවම කිරීම.
    • විවාහ පොරොන්දම් බලනවා සේ, විවාහවන දෙදෙනාගේ ගැලපීම බැලිය හැකි වීම.

 

  • පාසැල් දරැවන්ගේ  ඉගනීමට ඇති කම්මැලිකමට , අමතකවීමට , අලසකමට නිසි පිළියම් යෙදිය හැක.