කටක

ග්‍රහ දේව මාතාව වශයෙන් හඳුන්වන චන්ද්‍රයාට අයත් එකම රාශිය ලග්නය කොට උපන් අය තුලින් දිස්වන ගති ලක්ෂණ සමහරක් මෙසේ ය.

අනුනට අවවාද දීමට දක්ෂ ය. එහෙත් තමන් ලඟ ඒ එකක්වත් නැත. ස්ථීර ප්‍රතිපත්තියක් නැත. වැනෙන සුලු ය. චින්තන ශක්තියෙන් දියුණුු ය. එහෙත් අනුන්ගේ බස් අසා පාඩු ඇති කර ගනි යි. කාර්ය සූර ය. ඒ නිසාම ධනය උපය යි. තරමක් ලෝභය. වරෙක නිර්භීත ය. තවත් වරෙක බියසුලුය. කතාවට දක්ෂ ය. රන්ඩු සරුවල්වලට ඊට වඩා දක්ෂ ය. නිවසේම මිස ඉන් පිටත ජීවත්වීමට කැමැත්තක් නොදක්වයි. ඉවසිලිවන්ත නැත. මාන්නාදික ව ඉන්නට සිත යි . අනුන්ගේ දෙයක් ගන්නේත් නැත. තමන්ගේ දෙයක් දෙන්නේත් නැත. අර පරෙස්සම් ගතිය වැඩි ය. කිපෙන සුලු ය. නින්දා අපහාස වලට ලක්වෙයි. එහෙත් ඒ කිසිවක් ගනන් නොගනි යි. ලොකුවට ජීවත්වන්නට සිතයි. බලාපොරොත්තු බොහෝ විට සුන් කැර ගනි යි. අනුකම්පා ගතිය වැඩි ය. එයම ලොකු දුර්වලකමක් වෙයි. සහෝදරයනට හිතවත් ය. එහෙත් ඔවුන්ගෙන් එතරම් ඵල නො ලැබෙ යි. මිතුරන් හතුරන් කැර ගනී. ව්‍යාපාරික කටයුතු වලින් විට ධනය උපයා ගනියි. විවාහය තම අභිමතය නො වේ නම්, විවාහ නො වී සිටියි. නිතර නිතර වෙනස් වන සුලුය. හිතුවක්කාර ය. දුර දිග බලා වැඩ නොකිරීමෙන් පසුතැවිලි වෙයි. ලෙඩ දුකට දුර සිටම බිය වෙයි. සැක පහළ කැර ගනියි.

කටකාර හා දඩබ්බර ගතියක්. වහා කිපෙන සුලූ ගතියක්, ඕනෑවට වඩා අනුකම්පාවත් නිසා, කටක ලග්නයෙන් උපන් අය විවිධ දුෂ්කරතාවනට මුහුණ දෙයි. උදරයේ රෝග පහසුවෙන් සෑදෙයි. ඇතැම් විට ශල්‍ය කර්මවලට ද භාජනය වෙයි. චින්තන ස්ථාන රාශිය නිසා කටකයෙන් උපන් අයගෙන් වැඩි දෙනෙක් මානසික වශයෙන් දියුණුව ලබත්, දේපළ ඉඩ කඩම් තිබුණත් එයින් තමනට වඩා වෙනත් උදවිය ඵල ප්‍රයෝජන ගනිත්. ලග්නය දූෂ්‍යව ඇති කටක ලග්න හිමියෝ ජීවිතයේ සැදෑ සමයේ තනි වෙත් හුදකලා වෙත්.

කටක ලග්නයෙන් උපන් අයෙකුගේ අඟහරු සෙනසුරු සංයෝග ව ලග්නයේ ම වෙයි නම්, එ වැන්නාට ගත කරන්නට සිදු වනුයේ දුක්බර ජීවිතයකි.

සෙනසුරාදා දවස මාරක ය. මකර, කුම්භ ලග්න ද අසුභ ය. අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දවස් යහපත් ය.

සුදු, රතු, කහ පැහැ ඇඳුම් පැළඳුම් වාසනාව ගෙන දෙයි. නිල් සහ කොළ පැහැය අගුණ ය.

අප හා සම්බන්ද වෙන්න

සිරිධම්ම විදුහල ඉදිරිපිට,
159 A , වෙරලුගහ ලියද්ද,,
ලබුදූව, ගාල්ල.

හමුවක් සදහා වේලාවක් වෙන් කරවා ගැනීම.
අමතන්න:
077 - 3021978
071 - 4319129