මිථුන

මනුෂ්‍ය රාශියක් මෙන්ම පුරුෂ රාශියක් ද වන මිථුනය බුධ ග්‍රහයාට අයත් ය. බුධ ඥානයට අධිපති ය. එහෙත් නපුංශක ග්‍රහයෙකි. මේ රාශිය ලග්න කොට උපන් ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ මෙහි පහත දැක්වෙන ගති ගුණ වලින් යුක්ත ය.

උඩඟු ගතියෙන් යුක්තය.නිතර ම ගන්නා තීරණ වෙනස් කරයි. ස්ථීර තීරණයක් ගැනීමට අමාරු ය. ළමා වියේ කෙට්ටු ය, කල් යත්ම තරමක් මහත් වෙයි. පෙන්වන දන්නා දේට වඩා නොදන්නා දේ වැඩිය. එහෙත් ඒ බව සඟව යි. පටන් ගත් වැඩේ එතැන ය, බදා ගන්නා වැඩ එමට ය. ඕනෑවත් වඩා අනුකම්පා සහගත ය. එයින් සිදු කැර ගන්නා පාඩු ද නිමක් නැත. හිතා මතා සැලසුම් සහගත ව වැඩ නොකරයි. කතාව ලතාවට ය. රැකියා දෙකක් කරන්නට බොහෝ විට ඉඩ තිබේ. ආගමට ලැදි ය, එහෙත් බදාගෙන නොවේ. නිදහස් මත දරයි. කලින් දැන නො සිටියත් , ඕනෑ ම වැඩක් කරන්නට උත්සාහ දරයි. ,එන එන හැටියට ගහ උලුවස්සා, කීවා සේ, හැටියට ඇණේ ගසයි. වැරැදි වැඩක් නොකරයි. ලද දෙයින් සතුටු වන්නට උත්සාහ කරයි. අනුන් ලවා කොස් ඇට නොබායි, තමාගේ වැඩේ තමාම කර ගනියි. මුදල් වැය කරන තරමට ඵල නොලබයි. ඵලයට වඩා හේතුව ගැන සිතයි. ආවාට ගියාට ආලය නො කරයි. සුදුසුකම් ගැන විශේෂයෙන් බලයි. පවුලේ අයගේ දියුණුව මිසෙක තමන් ගැන එතරම් තැකීම් නොකරයි. උත්සාහ වී එන හැගීම් යටපත් කරයි. හැගීම් වලට වහල් නොවෙයි. හිතවත්කම් පවත්ව යි. එහෙත් අතේ ගාණට දුරින් ය. ව්‍යාපාරික කටයුතු කැරගෙන යයි. එහෙත් අනුන්ගේ හැරමිටියෙන් නොවේ.. අනුනුට අවවාද දෙයි. තමා සම්මතයේ පිහිටීම අඩු ය . පවුලේ හොඳම සාමාජිකයා උවත් ඔවුන්ගෙන් හොඳක් නොලබයි.

මිථුනයෙන් උපන් අයට සෙනසුරාදා දවස ඉතාමත් නරක ය. එදින කිසිම සුභ කටයුතුවලට යෝග්‍ය නොවේ. අනෙකුත් දවස්වල උව ද සෙනසුරු හෝරාව අසුභ ඵල උදා කරයි. මකර සහ කුම්භ ලග්න දෙක ද මිථුනයෙන් උපන් අයට නොගැළපෙ යි.

මිථුනයට අධිපති බුධ ග්‍රහයා කේන්දරයේ යහපත් තැනක සිටිය හොත් ඒ තැනැත්තා කලා කටයුතු වලින් ඉහල තැනකට පිවිසෙයි . එමෙන්ම පාප ග්‍රහයකු භාග්‍යස්ථානයේ සිටී නම් , ආගම් ධර්ම කෙරෙහි තැකීමක් නොකරයි.

බදාදා සහ බ්‍රහස්පතින්දා දවස්වල මිථුනයෙන් උපන් අය කරන හැම කටයුත්තක්ම සාර්ථක වේ.

කහ පාට සහ කොළ පාට ඇදුම් පැළදුම් සදහා යහපත් ය. නිල් පැහැය සුභදායක නො වේ.

අප හා සම්බන්ද වෙන්න

සිරිධම්ම විදුහල ඉදිරිපිට,
159 A , වෙරලුගහ ලියද්ද,,
ලබුදූව, ගාල්ල.

හමුවක් සදහා වේලාවක් වෙන් කරවා ගැනීම.
අමතන්න:
077 - 3021978
071 - 4319129