අද නවීන විද්‍යාවේ දියුණුවත් සමග බටහිර වෛද්‍ය විද්‍යාව මගින් මිනිසුන්ගේ පීඩාවලට ප්‍රතිකර්ම සොයාගෙන ඇත. නමුත් ලොව පවතින සියලු රෝග පීඩා මෙම ප්‍රතිකර්ම වලින් සුවකළ හැකි ද?……, ඇත්තෙන්ම සුවකළ හැක්කේ කිහිපයක් පමණි. ඊට හේතුව නවීන විද්‍යාව මගින් පිළියම් කරණු ලබන්නේ ශරීරය නැමති කොටසට පමණක් වීමයි. එවිට මනස හා ආත්මය යන දෙකොටසටම ප්‍රතිකර්මයක් නැත. නමුත් අධ්‍යාත්මික ප්‍රතිකර්ම වලදී ශරීරය මනස හා ආත්මය යන ත්‍රිත්වයටම ප්‍රතිකාර කෙරේ.

දැනට ලොව පුරා භාවිතාවන අධ්‍යාත්මික සුවකිරීම් ගණනාවක් දැකිය හැකිවේ. ඒවා නම් ප්‍රාණික්, රේකී, හොස්ටික්, කොස්මික්, සිපිරිචුවල් ආදී වශයෙනි. මේ සියලුම ක්‍රමවලින් සිදුකරණුයේ , යමෙකු විසින් විශ්ව ශක්තිය තමා වෙතට ලබාගෙන එය තවත් කෙනෙක්ට හෝ පිරිසකට සම්ප්‍රේෂණය කිරීමයැයි සරලව අර්ථ දැක්විය හැකියි.

ප්‍රාණ ශක්තිය නොහොත් කී ශක්තිය නමින් හඳුන්වන්නේ සිරුර ප්‍රාණවත් ලෙස හා සෞඛ්‍ය  සම්පන්න ලෙස පවත්වා ගන්නා ජීව ශක්තියයි. ජීව ශක්තිය රෝග සුව කිරීම සදහා උපයෝගී කර ගන්නා බැවින් මෙය ප්‍රාණීය සුවකිරීම්  (Pranic  Healing ) නම් වේ.

ප්‍රවීන ප්‍රාණීය සුවකරුවකුවීම පහසුවෙන් ලැබිය හැකි තත්වයක් නොවේ. ඒ සඳහා හදවත් යුගලයේ(Twin Hearts) භාවනාව ආදිය වඩා අධ්‍යාත්මික ශක්තිය ඇතිකර ගත යුතුවේ. ඒ සඳහා ප්‍රායෝගික පුහුණුවීම් නිරන්තරයෙන්ම  කළ යුතුවේ. වඩා බලවත් වීම සඳහා අර්හතික්(Arhatic Yoga) යෝග හෝ වෙනත් ඉහල භාවනා ක්‍රම අභ්‍යාස කළ යුතුවේ. එනම් භාවනාව ඉතාමත් වැදගත්වේ.

මෙම ප්‍රාණීය සුවකිරීම් ප්‍රතිකාර ක්‍රමවෙිදයේදී ප්‍රාණීය සුවකරුගේ ඕරාව බලවත්ව තිබිය යුතු වේ. ඕරාව දුර්වල වූ කෙනෙක්හට තව කෙනෙක්ගේ ඕරාව වර්ධයන කරීමට නොහැකි්‍ය. එසේම ප්‍රාණීය සුවකරුගේ චක්‍රද නියමිත ක්‍රියාකාරිත්වයේ තිබිය යුතුවේ. 

චක්‍ර ගැන කිව හැක්කේ ඒවා ඉතා සියුම් ශක්ති ක්‍ෂේත්‍ර බවයි. ඒ ඒ චක්‍රවල ස්වභාවය අනුව ඒවායේ ප්‍රමාණාත්මකව මෙන්ම චාලක ශක්තියේද වෙනස්කම් ඇත. චක්‍ර පිළිබඳ කරණලද අධ්‍යයනයන් තුළින් මිනිසාගේ ශාරීරික හා මානසික තත්වයන් ආශ්‍රිතව හටගන්නා වවිධ ආබාධ තේරුම්ගෙන ඒ අනුව රෝග නිවාරණ කටයුතු සිදුකළ හැකියි. 

කොදු නාරටිය හා සම්බන්ධව ඇති සුසුම්නාව ඔස්සේ හිස් මුදුනේ සිට කොදු නාරටියේ අවසාන පුරුක ආශ්‍රිතව ඇති මූලාධාර චක්‍රය දක්වා එක පෙළට චක්‍ර ස්ථානගතව  ඇත. හිස මුදුනින් ශරීරයට ඇතුළුවන ශක්තිය සුසුම්නාව ඔස්සේ කොදු නාරටියේ අවසානය දක්වා දිව යයි. යම් හෙයකික් මෙම ස්ථාන දෙක අතර පිහිටි චක්‍රවල කිසියම් බාධාකාරී තත්වයක් ඇත් වුවහොත්  ශක්තිය නිදහසේ ගලායෑමට බාධා ඇතිවේ. ඒ නිසා පාදාන්තයත් අත්වල ඇඟිලි දක්වාත් දිවෙන ස්නායුවලට බලපෑම් ඇති කරයි. හිස මුදුනේ සිට ගලාඑන ශක්තිය හෘද චක්‍රයේ සිට දෙඅත්වලටත් මූලාධාර චක්‍රයේ සිට දෙපාවලටත් බෙදීයන ස්නායු ඔස්සේ ඇඟිලිතුඩු දක්වා දිවයයි.

ඕරා ස්කෑනර්  යන්ත්‍රය මගින් ශරීරයේ චක්‍රවල ඇති දුර්වලතාවයන් දැක ගත්තා සේ,   ප්‍රවීණ ප්‍රාණීය සුවකරුවකු හට ඔහුගේ අත්ල යොදා ගනිමින් ඕරා පරීක්ෂාවක් සිදු කර චක්‍රවල පවතින්නාවූ දුර්වලතාවයන් මැනවින් හඳුනාගත හැක.

හිස මුදුනේ ඇති සහස්‍රා චක්‍රය යනු, දිව්‍යමය ශක්තිය හා සම්බන්ධ කරණ ස්ථානය වන බැවින් එය බලවත් විය යුතුය. එය බලවත්වූ පුද්ගලයාට දෑස පියාගෙන දෙඅත් විශ්වයට දිගුකර විශ්ව ශක්තිය තමාවෙත නතුකරගත හැකිය. දම් පැහැය හා දිව්‍යමය සුදු පැහැය දකිනා ප්‍රාණීය සුවකරු තවත් කෙනෙක්හට එය සම්ප්‍රේෂණය කරණු ලැබේ. 

මෙහිදී තම දෑත් විහිදුවා චලනය කර වශ්ව ශක්තිය තමාතුලට ගන්නා ඔහු එය තමාගේ සහස්‍රා චක්‍රය, අඥා චක්‍රය හා විශුද්ධි චක්‍රය යන ප්‍රධාන අ්‍ධ්‍යාත්මික චක්‍ර විවෘත කර පසුව අනාහත චක්‍රයට ලබාගනී.  මේ දෑතේ පිහිටන ශක්තිය තුළින් තවත් කෙනෙක්ගේ හෝ පිරිසකගේ ශරීරවලට බලපෑම් එල්ල කළ හැකියි. ධනාත්මක විශ්ව ශක්තිය හමුවේ සෘණාත්මක ශක්තිය බැහැරවීම විශ්ව න්‍යායකි. ඒ අනුව අධ්‍යාත්මික සුවකරු තම දෑත යොදවා සුවකිරීම් අවශය අයගේ චක්‍ර විවෘත කරයි. 

රෝගියාගේ සහස්‍රා චක්‍රය විවෘත කර ඔහුගේ අනෙක් චක්‍රවලට මෙම වශ්ව ශක්නි ගලායෑමට සලස්වයි. මෙම සහස්‍රා චක්‍රය විවෘත කිරීම බෝතලයක මූඩිය විවෘත කළා හා සමානය. ප්‍රාණීය ප්‍රතිකාර ක්‍රියාදාමය සදහා විනාඩි 20ක – පැය 1ක දක්වා කාලයක් සාමාන්‍යයෙන් ගතවේ. මේ සදහා අවශ්‍ය අයුරින් සූදානම් වී, රෝගියාට අදාල අයුරින් නියමිත ක්‍රියා පිළිවෙත් අනුව චක්‍ර ප්‍රකෘතිමත් කිරීම සිදු කෙරේ. ප්‍රාණීය සුවකරු ගේ දෑත්වලින් පිටකරණු ලබන ශක්තිය අදාල අයගේ චක්‍ර හරහා සිරුරට ඇතුළත්කර සුවපත් කිරීම කරණු ලබයි. සාමාන්‍යයෙන් රෝගියා වහාම හෝ පැය කිහිපයක කාලයක්  තුළදී සුවයට පත්වීම ඔබේ මවිතයට හේතු වේ. පවතින රෝගයේ දරුණුතාවය මත සුවවීමට ගන්නා කාලය වෙනස්වේ.

එසේම පළිඟු (ක්‍රිස්ටල් ) ද මෙම ප්‍රතිකාර සඳහා ඉමහත් රුකුලක් ලබාදේ . ඒ  සඳහා ප්‍රාණීය සුවකරුකුට මනාසේ   පළිඟු හැසිරවීමට මනා  පුහුණු වක් තිබිය යුතුවේ.ප්‍රාණීය සුවකිරීම් හරහා රෝග සුව කිරීමේ දී යම් රෝගයක මුල් අවස්ථාව ඉතා යෝග්‍ය වේ. ඉක්මනින් සුවය ලබා දේ. ආකූල තත්වයට පත්වී නම් සුවවීමේ කාලය දීඝර්‍ වේ. එහෙත් වෙනත් ක්‍රමයකට වඩා අඩු කාලයකදී ඖෂධ වලින් තොරව සුවවීම සිදුවේ. මේ නිසා ඖෂධ ගැනීමකින් තොරව ග්‍රන්ථිවල මනා ක්‍රියාකාරිත්වය චක්‍රවලින් ලබාදීමට විශ්ව ශක්තියට හැකි හෙයින් බොහෝ රෝගාබාධයන්ට විශ්ව ශක්තිය ලබා දීමේ ක්‍රමය වඩාත් ආරක්ෂාකාරී හා හිතකර එකක්බව පැහැදිලි වේ.

එහෙත් සමහර රෝග පෙර පාපකර්ම විපාකයන්ගේ හේතුවෙන් ඇතිවී තිබෙන්නේ නම්, ඒවා පහසුවෙන් සුවකර ගැනීම උගහටය. බුදුන් වහන්සේට තිබූ කොන්දෙ අමාරුව හා හිසේ කැක්කුම මෙබදු පෙර කර්ම හේතුවෙන් ඇතිවූ ඒවායි.  එහෙත් බරපතල පාපකර්ම නොවන මේ අත්භවයේදී ඇතිවන රෝගපීඩා පුද්ගලයන්ගේ චක්‍ර සක්‍රීය කිරීමෙන් නිරාවරණය කරගත හැකියි.

මධ්‍යසාරයට හා මත්ද්‍රව්‍යවලට විශේෂයෙන්ම දුම් පානයට ඇබ්බැහිවූවන්ට, මාකසික ආතතියට ගොදුරුවූවන්ට, කෝපය හෝ නොරිස්සුම් ස්වභාවයක් අත්විදින්නන්ට මෙම ප්‍රාණීය ප්‍රතිකර්මයන් ගෙන් ප්‍රථිඵල ලබාගත නොහැකිය.

වෛද්‍ය විද්‍යාවට අනුව සුවකිරීමට නොහැකිව අතහැර දැමූ රෝග,කල් පවතින රෝග, පීඩාකාරී වේදනාවන්,ආත්‍රෛයිටීස්, පෙනහලු ආසාදන, හෘදයාබාධ, හිසරදය, දත් කැක්කුම, උණ, උගුරේ ආසාදන, ඉදිමුම්, කම්මුල්ගාය, වාත වේදනා, කන් ඇසීමේ දුර්වලතා,මොලයේ ආබාධ, මනසික අසමතුලිතතාවයන්,ස්නායුගත රෝග,අද සමාජයේ ප්‍රචලිතව ඇති බෝනොවන රෝගෙ,  අමනුෂ්‍ය දෝෂ ආදී, මෙවැනි ඕනෑම රෝගයකට පිළියම් මෙමගින් යෙදිය හැකිය.

විදේශීය රටක සිටින රෝගියෙක් උවත් ලංකාවේ සිට සුව කිරීමට මෙම ක්‍රමවේදය මගින් සිඳුකළ හැකියි. මෙය දුරස්ථ ප්‍රතිකාර ( Distance Healing) ක්‍රමය වේ.

එකිනෙකට ප්‍රතිවිරැද්ධව ක්‍රියාකළහැකි වස්තූන් දෙකක් විශ්වයේ කිනම් ස්ථාන දෙකක තිබුනත් එකිනෙකට අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිචාර දැක්විය හැකි බව ස්ටීවන් හොප්කින් නැමති විද්‍යාඥයා කොන්ටම් තාක්ෂණය මගින් පෙන්වාදී ඇත. මෙනිසා මෙය සාවද්‍යයැයි  කියා කෙනෙක්හට බැහැර කළ නොහැකියි.

අප අධ්‍යාත්මික සුවකිරීම් සදහා භාවිතා කරණුයේ විශ්වයේ ඇති ශක්තියයි. විශ්ව ශක්තියට ගමන් කළ හැකි දුර අසීමිත වේ. 

මෙම ක්‍රමවේදය වෙනත් වෛද්‍ය ක්‍රමයකට සමාන කළ නොහැක. මෙහි විශේෂ වැදගත් කමක් වන්නේ ඕනෑම වෛද්‍ය ප්‍රථිකාර ක්‍රමයක් අනුගමනය කරණ අතරේ වුවද, මෙම ප්‍රාණීය සුවකිරීමේ ක්‍රමවේදය මගින් කරණා ප්‍රතිකාර ලබාගැනීම  ඔබට කිසීම බාධාවක්, අහිතකර තත්වයක් නොවන බව වගකීමෙන් ප්‍රකාශකළ හැකි වීමයි.

මෙම ක්‍රමය පිළිබද ව මෙතෙක් කරණ ලද පැහැදිලි කිරීම් අනුව කලහැකි සරලම ප්‍රකාශය වන්නේ, විශ්වයේ ඇති විවිධ නිර්මාණ අතර මිනිසාද එක් නිර්මාණයක් වන අතර එම නිර්මාණයේ ස්භාවික පැවැත්ම තීරණය වන්නේද විශ්වයේ ඇති එම නිර්මාණාත්මක ශක්තිය විසිනි. එබැවින් ශරීරය තුළ නිරන්තරව ශක්තිය ගලා යෑමේදී ඇතිවන බිඳවැටීම් වලදීද , එය ප්‍රකෘතිමත් කිරීම සඳහා යොදාගත හැක්කේ එම නිර්මාණාත්මක ශක්තියවන විශ්ව ශක්තියම බව ප්‍රාණීය සුවකරුවන් වශයෙන් කිවහැකිය.

අප රටේ ඕරාව පමණක් නොව විශ්ව ශක්තීය ප්‍රතිකාර තවමත් මූලික අදියරේ පසුවන්නේ, මෙයට යොමු වූ පිරිස අප රටේ අවම වීම හේතුවෙනි. නීරෝගිමත් ජනතාවක් බිහිකරලීමට නම් මෙම විශ්ව ශක්ති ප්‍රතිකාර වෙත ජනතාව යෙමු කළ යුතු කාලය එළඹ තිබේ.

මෙය විද්‍යාත්මක පරීක්ෂණ සීමාවෙන් ඔබ්බෙහි වූ රෝග සුව කිරීමක් යන්න නිවැරදි පැහැදිලි කිරීමක් නොවූවත් නුදුරු අනාගතයේ දීම මෙය ඉතා ප්‍රචලිත වනවා නොඅනුමානයි.