සිංහ

රාජ්‍ය කාරක හා ආත්ම කාරක රවි හෙවත් ඉරු ග්‍රහයාට අයත් එකම රාශිය සිංහය යි. මෙම ලග්නය කොට උපන් අය තුළ වැඩි වශයෙන් පහත දැක්වෙන ගති ලක්ෂණ දැකිය හැකිය.

කොතැනක වුවද කැපීපෙනෙන්නට උත්සාහ කිරීම. උඩඟු බව ප්‍රකට වීම. නායකත්වය පතා කටයුතු කිරීම. පරාජය පිළිගැනීමට ඇති දැඩි අකමැත්ත. ක්‍රියාවල මෙන්ම කටහඩෙ ද ඇති ගොරෝසු ගතිය. අයුක්තියට එරෙහිව ක්‍රියා කිරීම. දැඩි ආත්ම ශක්තියෙන් ක්‍රියා කිරීම. ලොකු වැඩ රුස්සයි. පොඩි වැඩ නුරුස්ස යි. අභීත ව ඕනෑ ම කටයුත්තකට ඉදිරිපත්වීම. පවුලේ කෙනෙකු හෝ පිටස්තර කෙනෙකු හෝ තමන්ගේ වරදක් පෙන්වා දෙනවාට අකැමැති වීම. අනුන්ගේ පිහිට පතා කටයුතු නොකිරීම. තමන්ගේ විය යුත්තක් වේ නම් එය මනාව කර දීම. පුංචි තැනෙක සිටියත් ඉහළ තැනෙකට එන්න දරන උත්සාහය. පවුලේ උදවියනට මෙන්ම තම ඥාතීනට හැකි අයුරෙන් උදවු පදවු කිරීම. කරන රාජකාරිය නිසි පිළිවෙලට කිරීම. කවුරුන් කීවත් තමන් ගත් දැඩි තීරණය වෙනස් නොකිරීම. අයුක්තියට එරෙහිව ඕනෑම කෙනෙකු සමග සටන් කිරීම. ප්‍රශ්නයක් මතු වූ විට ඒ ප්‍රශ්නයේ දෙපැත්ත ගැන නොතකා ක්‍රියා කිරීම. හැමෝගේම ආදරය දිනා ගැනීමට ඇතැම් විට දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම. යුක්තිය ඉදිරියේ හැම විටම නැවීමට සූදානම් හිස අයුක්තිය හමුවේ රජෙකුටවත් නොනැමී ම. රාජකාරිය අවංකව ඉටු කරන නිසා කවර ආණ්ඩුවකටවත් ගැති නොවී ම. කවරෙකුගේ හෝ විපතකදී අත සන්තකය වැය කර හෝ පිහිට වීම. පවුලේ බාලයා වී උපන්නත් වැඩිහිටියකු සේ තැනේ හැටියට වැඩ කිරීම. උපන් තත්වයට වඩා මැදි වියට එන්නට පෙර දියුණුවීමට උත්සහ කිරීම.

සිංහයෙන් උපන් අයට සෙනසුරාදා දිනය මාරක ය. සදුදා දිනය ද අසුභ ය. වාසනාවන්ත දිනය සිකුරාදා ය. 08 වැන්නාධිපති බ්‍රහස්පති බැවින් බ්‍රහස්පතින්දා දවස ද අයහපත් ය.

සුදු හා නිල් පැහැති වස්ත්‍ර යෝග්‍ය නො වේ. රතු සහ කොළ පාට හොඳින් ගැළපේ.

තමා ගත් තීරණය වෙනස් නොකිරීමත් , නායකත්වය පතා ඕනෑවට වඩා වෙහෙසීමත් නිසා අනවශ්‍ය කරදරවලට මුහුණපාන්නට සිදු වේ. රවි ග්‍රහයා කිසිදු ග්‍රහයෙකුට යට නොවේ. එ මෙන්ම සිංහ ලග්නයෙන් උපන් අය ද කාටවත් යට නොවී ක්‍රියා කිරිමට උත්සාහ දරයි. එම ගති ද සාමාන්‍ය සමාජයේ පැවැත්මට බාධාවක් වේ.

අප හා සම්බන්ද වෙන්න

සිරිධම්ම විදුහල ඉදිරිපිට,
159 A , වෙරලුගහ ලියද්ද,,
ලබුදූව, ගාල්ල.

හමුවක් සදහා වේලාවක් වෙන් කරවා ගැනීම.
අමතන්න:
077 - 3021978
071 - 4319129