තුලා

සිකුරු ග්‍රහයා අධිපතිකම් කරන තුලා රාශිය ලග්න කොට උපන් අය තුලින් වෙහෙසින් දැකිය හැකි ගති ලක්ෂණ සමහරක් මෙසේ ය.

උපේක්ෂා සහගත ය. කරුණාවන්ත ය. වැඩ අකුරට ය, නීතියට ය. සාමදානයෙන් ජීවත්වීමට උත්සාහ දරයි. අකටයුතුකම් නොකර යි. කලා විෂයයන් කෙරෙහි දැඩි නැඹුරුවක් දක්වයි. කවීත්වය සහජයෙන් මෙන් පිහිටා ඇත. අනුන්ගේ යහපතට වැඩ කරයි. තරහ යන ගතිය අඩු ය. පොදු ජන සේවය සදහා කැප වෙයි. අනුන්ගේ දියුණුවට අත හිත දෙයි. මුදල් හදල් වැය කිරීමේ දී අර පරෙස්සම් වෙයි. තරමකට ලෝභ ය. පිනට දහමට හිත ය. සිය ආගමට දැඩි සේ භක්තිමත් ය. කථීකත්වය ඉහළින් කැපී පෙනෙයි. දුර දක්නා නුවණින් යුක්ත ය. ව්‍යාපාරික කටයුතුවලට දක්ෂතාවක් පෙන්නුම් කරයි. යුක්තිය විසදීමට දක්ෂ ය. අපක්ෂපාත ය. විවාද වලින් ජය ගනි යි. කාගේ වුවද සිත් දිනාගෙන වැඩ කරයි. ආත්මාර්ථයට වඩා හැම විටම පරාර්ථය ගරු කරයි. තරාදියක් සේ සමබර ය. තමාගේ ප්‍රශ්නයක දී වැනෙන සුලු ය. වහා තීරණ වලට බැස නොගනි යි. මනුෂ්‍යත් වය ගරු කරයි. නිතර ප්‍රීතියෙන් හා සතුටින් ජීවත් වන්නට සිතයි. අනුන්ගේ දේ කවර හේතුවක් සදහාවත් ඩැහැ ගන්නට නොසිත යි. දේශපාලන ක්ශේත්‍රයට පිවිසිය හොත් , ජනප්‍රිය දේශපාලනඥයෙක් බිිහි කරයි. අඩු වයසින් විවාහ ජීවිතයට ඇතුලත් වෙයි. ආලය ආදරය මුල් කොට තකයි. පවුලට හා වංශයට හානිකර දේ කිසි විට නො කරයි. අණ්‍යයන් සමග කටයුතු කිරීමේදී වාද භේද හට නොගන්නා ආකාරයට මැදිහත් සිතින් ක්‍රියා කරයි. ලද දෙයින් සතුටු වනු මිසක හඹා නො යයි.

ඕනෑවට වඩා ප්‍රීතියෙන් කල් ගෙවන්නට සිතීමත්, නිශ්චිත තීරණ ගැනීමට උත්සුක නො වීමත් , තුලා ලග්නයෙන් උපන් අයගේ අඩු පාඩුකම් ලෙස සැලකිය හැකිය.

මේ ලග්නයෙන් උපන් අයට සිකුරාදා දවස අසුභ ඵල ගෙන දෙයි. ඉරිදා සහ සදුුඳා දවස් යහපත් ය. සිකුරු හෝරාව මාරක ය.

කොළ සහ කහ පාට ඇදුම් පැලදුම් අවාසනාව ගෙන දෙයි. රතු, සුදු, කහ, තැඹිලි පාට යහපත් ය.

අප හා සම්බන්ද වෙන්න

සිරිධම්ම විදුහල ඉදිරිපිට,
159 A , වෙරලුගහ ලියද්ද,,
ලබුදූව, ගාල්ල.

හමුවක් සදහා වේලාවක් වෙන් කරවා ගැනීම.
අමතන්න:
077 - 3021978
071 - 4319129