මීන

බ්‍රහස්පති ග්‍රහයා හිමි මේ රාශියෙන් උපන් අය තුළ බෙහෙවින් දැකිය හැකි ලක්ෂණ සමහරක් මෙසේ ය.

අන්‍යයන් දැඩි ලෙස විශ්වාස කරයි. එයින් නොයෙකුත් පාඩු සිදු කැර ගනී. අනුකම්පා සහගත ය. තම එදිරිවාදීනට පවා කරුණාව දක්ව යි. කලාවට ලොකු කැමැත්තක් දක්ව යි. කලබල නැත. තමන්ගේ පාඩුවේ සාමකාමීව ජීවිතය ගෙන යාමට උත්සාහ දර යි. වැඩි කතා බහක් නැත. අවශ්‍යම දේකට හැර කා සමගවත් දොඩමලු නොවේ. අනුකම්පා ගතිය වැඩි නිසා පාඩු විදින්නට සිදු වේ. ඇග වෙහෙසන වැඩවලට කැමැති ය. නිසංසල ජීවිතයකට මනාපය දක්වයි. දියුණුුවන්නට අදික කැමැත්තක් ඇතත් , ඒ සදහා කැප වෙන්නට උනන්දු නොවේ. කරන දෙයක් ප්‍රසිද්ධියේ නොකර යි. හැම දෙයක්ම රහසේ ය. ධර්මයට නැඹුරු ය. එහෙත් ඒ බව අප්‍රකටය. ප්‍රේමාන්විත හැගීම් අඩු ය. බොහෝ විට විවාහය මංගල යෝජනාවක් අනුව විය හැකි ය. දරු සම්පත් අඩු ය. අනුනට කවදාවත් හිංසාවක් නොකර යි. සමාජයේ යහපතට වැඩ කර යි. එහෙත් බැදගෙන නොවේ. රැකියාවක් කරන තැන වුව, උසස්වීම් බලාපොරොත්තුවෙන් වැඩ නො කර යි. උසස්වීම් තමා පසුපස හඹා එන වාසනාවක් තිබේ. පිහිට වන යහලුවන් කිහිප දෙනෙකි.

මීන ලග්නයෙන් උපන් අයට සිකුරාදා දවස ඉතා අශුභය. අගහරුවාදා සුභ දිනයකි.

සුදු සහ කොළ පැහැති ඇඳුම් වාසනාව ගෙන දෙයි. නිල් පැහැය අයහපත් ය.

අප හා සම්බන්ද වෙන්න

සිරිධම්ම විදුහල ඉදිරිපිට,
159 A , වෙරලුගහ ලියද්ද,,
ලබුදූව, ගාල්ල.

හමුවක් සදහා වේලාවක් වෙන් කරවා ගැනීම.
අමතන්න:
077 - 3021978
071 - 4319129