කැඩීම් බිදීම් නොමැතිව සරල පිළියම් 

ඊජිප්තුවේ පමණක් නොව මුළු ලෝකයේම මධ්‍ය ලක්ෂ්‍යයෙහි මහා පිරිමිඩය ඉදිකර ඇත. පිරිමීඩය කැපීයන ලෙස සිරස් රේඛාවක් ඇන්ද විට ලෝක සිතියම දෙකට බෙදෙන බව විද්‍යාඥයන්ගේ අදහසයි. පිරිමීඩ සෑදීම සදහා යෙදාගත් වාස්තු සිද්ධාන්ත මෙනවාදැයි විමසා බලමු.

ප්‍රධාන දිශා හතරට අනුගතව මෙම ගොඩනැගිලි සියල්ල ඉදිකර ඇත. හතරැස් භූමියක් තෝරාගෙන තිබීම වැදත්වේ.  අත්තිවාරම හරි හතරැස් වී ඇත. දිසා හතරට එන්නාවූ ත්‍රිකෝණාකාර කොටස් හතර සම්බන්ධ වී ඇත්තේ අංශක 90 කෝණවලටය. ප්‍රධාන දොර උතුරටය. ප්‍රධාන කවුලුව ඇත්තේ නැගෙනහිරටය. විශ්වයේ පවතින ශක්තීන් මෙතුල ගැබ්ව ඇති අතර ගුරුත්වාකර්ෂණය නිබඳව ලැබී තිබේ. රජවරුන්ගේ මළ සිරුරු,ධන ධාන්‍ය හා පලතුරු  අවුරුදු 4500 ක කාලයක් තිස්සේ තවමත් නරක් නොවී තිබීමම පිරීමීඩ තාක්ෂණයේ සත්‍යතාවය මැනවින් හෙළිකරයි.

නොමිලේ ලබාදෙන විශ්ව ශක්තිය අපි ඇයි නොගෙන ඉන්නෙ…….., නොපමාව මෙම යාන්ත්‍රණය පිළිබඳ දැනුවත් වීමෙන් ඔබට සතුට, සැනසුම, සෞභාග්‍ය පිරීගිය නිවසක වාසයට උරුමකම් හිමිවනු නොඅනුමානයි. 

වර්ථමානයේ සෑදී ඇති සහ අනාගතයේ සෑදෙන නව තාක්ෂණික ලක්ෂණ ඇති ලෙඩ ඉදිකිරීම් නිසා පැරණි තාක්ෂණය දැන් දැන් නැවතත් අප අතරට පැමිණෙමින් පවතී.මෙම ලෙඩ ඉදිකරීම් නිසා ව්‍යවසනයට පත්වී සිටින  ගෘහ හිමියන් අද සමාජයේ අතිමහත්ය. මෙම ඉදිකිරීම් නැවනත් කඩා බිඳදමා නැවත සැකසීම ආර්ථික වශයෙන් ඉමහත් පාඩුවකි. එමෙන්ම අනවශ්‍ය කාලයක් ඒ සඳහා වැය කිරීමට සිදුවේ. 

එනිසා ඒ සදහා පිරිමිඩ යෙදා ගනිමින් එම අඩුපාඩු ඇති ස්ථානයන්හි විශ්ව ශක්තිය වැඩිකිරීම සඳහා ක්‍රියා කිරීමෙන්, ඉදිකිරීම් කැඩීම් බිදීමකින් තොරව වාස්තු දෝෂ බොහෝමයක් නිවැදි කිරීමට පිරා වාස්තු ක්‍රමවේදය  යොදා ගත හැකියි.

පිරා වාස්තු යනු සමබරතාවය සහ අනු රූප්‍ය භාවය හරය  තුලින්ම නිවැරදි කිරීමයි. එය ක්‍රියාත්මක කරණලද පිරිමිඩ යන්ත්‍රය මගින් සිදුකරයි. මෙම ශාස්ත්‍රයට පාදක වන්නේ විශ්වයේ ඇති ශක්තියයි. විශ්ව ශක්තිය මගින් අපතුළ ඇති සියුම් බැඳීම් උපයෝගීකර ගනිමින් අපතුළම සැගවී පවතින හැකියාවන් උද්දීපනය කරමින් අදටවඩා හොද හෙට දවසක් ලබා ගැනීමට පරිසරය සැකසීමට පිරා වාස්තු මඟින් සිදුකළ හැකියි. 

මේ පිරිමිඩ යන්ත්‍රය දෙස බැලූවිට එය එක පිරිමිඩයක්සේ පෙනෙනු ඇත. නමුත් එහි ක්‍රියාකාරිත්වය ඉඳුරාම වෙනස්ය. එක් එක් විශේෂ අවස්ථාවලදී භාවිතාකල හැකි මෙම මෙවලම ඕනෑම කෙනෙක් වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව භාවිතා කල හැකියි. ඒ මගින් දෛනික ගැටලුවලට සරිලන පිළියම් ලබාගත හැකියි. පිරිමිඩ යන්ත්‍රය යම් ගැටලුවක හරය සොයාගොස් පිළියම් යොදන්නේ ඒ ගැඹුරින්මය. එබැවින් ප්‍රශ්ණය කෙබදු වූවත් සමබරතාවය සහ අනුරූප්‍ය භාවය ඇතිකොට විසදුම් සොයයි.භෞතික ක්‍රම මගින් විසදුම් සෙවිය නොහැකි ප්‍රශ්ණ සදහා විසදුම් සොයා දෙයි. 

රටේ ඇතිවෙමින් පවත්නා ආකල්පමය වෙනසකට කෙමෙන් දිරිදීමට හැකි අතිමහත් දැනුම් සම්භාරයක් රැස්කරගත් පිරිසක් ලෙස, එක් එක් නිවාස ඒකකවල දියුණුවත් සතුටත් සමග ජාතියක ප්‍රගතිය උදෙසා පුළුල් වැඩ පිළිවෙලක් සදහා පිරිමීඩ යාන්ත්‍රණය භාවිතා කළහැකි අයුරැ අපගේ අවධානයට ලක්විය යුතු යුගයක් පැමිණ තිබේ.

නූතන වාස්තු විද්‍යාවේ කූටප්‍රාප්තියක් සනිටුහන් කරණ පිරිමිඩ වාස්තු හෙවත් පිරා වාස්තු ක්‍රමවෙිදය අතිශය කරදරකාරී හා වියදම්කාරී වාස්තු පිළියම් වලට  ඉතාමත් සාර්ථක විකල්පයක් සලසා දෙනු ලැබේ. පිටතින් පෙනෙන්නාවූ සරල භාවිතය නිසා වාස්තු දෝෂ සදහා සුදුසු පිළියමක් ලෙස වර්ථමාන සමාජයේ මේ සඳහා හොඳ පිළිගැනීමක් ඇත.

වාස්තු දෝෂ පදනම් කොට කැඩීම් බිදීම්, අලුක් කොටස් එක් කිරීම්, ස්ථාන මාරු කිරීම් සදහා යන විශාල වියදමට මුහුණ නොදී දෝෂවලින් ඇතිවන නිෂ්චිත දුර්විපාකයන් ගෙන් මිදීම හා වාස්තුමය යහගුණය වැඩිදියුණු කෙරෙන අන්තරීක්ෂ ශක්තියෙන් (Cosmic Energy)  පිරුණු නිවහනක් මෙම ක්‍රමයේදී ගොඩනැගෙනු ඇත.

පිරා වාස්තු ක්‍රමවෙිදය මගින් පිළියම් යෙදීම සදහා මනා දනුමක් හා පලපුරුද්දක් ඇති පිරා වාස්තු ශාස්තුඥයෙක්ගේ සහාය ලබාගත යුතුයි.පුරාතන හා නූතන වාස්තු ශිල්පය මැනවින් තුලතය කර ගනිමින් බටහිර විද්‍යාත්මක කියවීම්වල ඇසුරද ඔස්සේ තමන් විසින් ගොඩනංවා ගන්නාලද පිළිවෙතක පිහිටා සමාජ වගකීමකින්ද යුතුව ක්‍රියා කරණ වාස්තු ශිල්පියෙක් සිය කාර්ය නිවැරදිව ඉටුකරයි.