ධනු

ප්‍රඥාකාරක බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා ධනු රාශියට අධිපතිකම් කරයි. මේ රාශිය ලග්න කොට උපනනන් තුළ වැඩි වශයෙන් පහත දැක්වෙන ගති ලක්ෂණ දැක ගත හැකි ය.

අධිෂ්ඨානශීලී ය. දැඩිව ගත් තීරණ කිසිසේත් වෙනස් නොකර යි. යුක්ති ගරුක ය. අසාධාරණයට එරෙහිව ක්‍රියාත්මක වෙයි. අනුන්ට අලූත් යැයි සිතෙන කිසිවක් ධනුවෙන් උපන් අයට අලුත් නැත. ඈත දුර පළාත්වල ඇවිදීමට ප්‍රිය කරයි. ස්වභාව සෞන්දර්යය අගය යි. අනුකම්පා සහගතය. එමෙන්ම දෙබිඩි ගති ප්‍රකට වෙ යි. සැකයෙන් හා අවිශ්වාසයෙන් යුක්ත ය. භාර ගත් කටයුතු නොපිරිහෙලා ඉටු කර යි. තමනට අයිති නැති වැඩවලට ඇඟිලි නොගස යි. අනුකම්පා ගතිය නිසා අනුන්ගේ මායම්වලට හසු වෙයි. ඇතැම් විට එයින් චරිතයට කැළැල් ඇති කර ගනියි. රාජකාරී කටයුතු මනා ව ඉටු කර යි. හාම්පුතුනට අවනත ය. පිනට දහමට කැමැති ය. එහෙත් බැදගෙන නො වේ. නිදහස් ලෙස ජීවත් වන්නට උත්සාහ කර යි. එමෙන් ම නිහතමානී ය. තරමක ආඩම්බර ගතියක් ද ඇත. වරෙක දඩබ්බරය . තවත් වරෙක සන්සුන් ය. පොත පත කියැවීමට ලොකු කැමැත්තක් දක්ව යි. ඥාති මිත්‍රදීන් සමග සාමකාමීව ජීවත් වෙ යි. එහෙත් හිතවත්කම් අතේ දුරට ය. විවාහ ජීවිතය කඩා කප්පල් වී යාමට හේතු මතු වෙ යි. ලෙඩ දුක් ගැන දුර සිට බිය වන ගතියක් දක්නට ලැබේ. සත්‍යවාදී ය. අපේක්ෂා ඉටු කැර ගැනීමට උත්සාහ දර යි. අන්න්ගේ හිත් නොරිදයි. ඕපා දූප නොරිස්සයි. උපායශීලී ගතිය අඩු ය. අනුනට අවවාද දීමට සමත් ය. දුකට පත් අයට උදව් උපකාර කරයි. අහිංසාවාදී චරිතය කි.

ඕනෑවට වඩා අනුකම්පාවත්, සැකයත්, අවිශ්වාසයත් ධනු ලග්නයෙන් උපන් අය තුළින් දැකිය හැකි අඩු – පාඩු හා දුර්වලකම් ය.
ඉරිදා, බදාදා හා බ්‍රහස්පතින්දා දවස් සුභ ඵල ගෙන දෙයි. සදුදා දවස අසුභ ඵල ගෙන දෙන දවසකි . අගහරුවාදා . සිකුරාදා සහ සෙනසුරාදා දවස් ද යහපත් නොවේ.

සුදු, කොළ, තැඹිලි පාට ඇඳුම් පැළඳුම් වාසනාවන්ත ය.

අප හා සම්බන්ද වෙන්න

සිරිධම්ම විදුහල ඉදිරිපිට,
159 A , වෙරලුගහ ලියද්ද,,
ලබුදූව, ගාල්ල.

හමුවක් සදහා වේලාවක් වෙන් කරවා ගැනීම.
අමතන්න:
077 - 3021978
071 - 4319129