වෘෂ්චික

අගහරු ග්‍රහයා වෘෂ්චික අධිපතියා ය. කාර්යයෙහි දක්ෂතා ඇති රාශිය මේෂය ය. ඊ ළගට කාර්ය සූර රාශිය වෘෂ්චික ය. මේ රාශිය ලග්න කොට උපන් තැනැත්තන් තුළ බෙහෙවින් දක්නට ඇති ගති ලක්ෂණ මෙ සේ ය.

හැම වැඩකදීම දක්ෂතා පෙන්නුම් කරයි. නිර්මාණ ශක්තියෙන් යුතු ය. ගුරු උපදේශකයන් තොර වුව දුටු වැඩක් සාර්ථක අන්දමින් කැර ගැනීමේ හැකියාවක් ඇත. වියදම් පක්ෂය වැඩි ය. මිතුරන්ගෙන් අඩුවක් නැත. අන්තවා දී ය. වරෙක සන්සුන් ය. තවත් වරෙක දඩබ්බර ය. හිතුවක්කාර ය. කේන්ති ගියත් එය සුලු මොහොතකට ය. ආ ගිය තැන කැපී පෙනෙ යි. ඥානවන්ත ය. එහෙත් සමහර වෙලාවකට මෝඩකම් ද කරයි. චිත්ත ධෛර්යයෙන් යුක්තය. තරමකට ආඩම්බර ය. නාහෙට නාහන ගතියක් ද තිබේ. නොයෙක් විෂයයන් ගැන ප්‍රායෝගික දැනුමක් ලබා ගනියි. පර්යේෂණ කටයුතුවල යෙදෙ යි. ධනය පොදි බැඳ තැබීමට අදහස් නැත. යම් විෂය දැනුමක් ලබා ගැනීම පිනිස ඕනෑවටත් වඩා මුදල් වියදම් කරයි. කවුරුන් කීවත් තමනට නොගැලපේ නම් ඒ කටයුත්ත නොකර යි. හැම වැඩක් ගැනම තමනට අවබෝධයක් ඇතැයි සිතන නිසා ඇතැම් කටයුතු නිසා ඇතැම් කටයුතු නිසි කලට නොකර කල් දම යි. කෙනෙකුට හිස නමන්නට කැමැති නැත. කුඩු කේඩු කම් වලින් ද යුක්ත ය. ජයග්‍රහනය ලබන තුරා පසුබට නොවෙ යි. ඉදිරියට ම කාගෙන යයි. සුලු රැකියාවකින් තෘප්තිමත් නොවෙ යි. සමාජයේ වැදගත් යැයි සිතන රැකියා ගැන උනන්දුවක් දක්ව යි. ආගමට, දහමට එතරම් නැඹුරුවක් නැත. එහෙත් අධාර්මික නොවේ. බොහෝ වැඩ කටයුතු කරන්නට සූදාන්ම වනුයේ අන්තිම මොහොතේ දීය. ඒක කරන්නේ මට ඕනෑ වේලාවටයි. එසේ කියන ගතියක් ද දක්නට ලැබෙයි. ආත්ම විශ්වාසයෙන් යුක්ත ය. තමා නොදන්නා දෙයක් නැතයි සිතා සිටිති. යමක් කෙළින් නොකිය යි. වටින් පිටින් කියන්නට සූදානම් වෙයි. යම් වැඩක් කරන්නට සිතුවොත් එහි ප්‍රථීඵලය දක්නා තුරු කර ගෙන යයි.

වහා කිපෙන සුලු ගතිය, හැම දෙයක්ම තමා දන්නේ යැයි සිතා ඇතැම් වැඩ කටයුතු නිසි කලට නොකිරීම , තම අභිමතය අනුව ක්‍රියා කිරීම වෘෂ්චික ලග්නයෙන් උපන් අයගේ අඩු පාඩුවලින් සමහරකි.

ඉරිදා, සදුදා, බ්‍රහස්පතින් දා යහපත් දවස් ය. බදාදා නරක දවසකි.

සුදු කොළ සහ නිල් පාට අසුභ ය. රතු, තැඹිලි සහ කහ පාය සුභ ය.

අප හා සම්බන්ද වෙන්න

සිරිධම්ම විදුහල ඉදිරිපිට,
159 A , වෙරලුගහ ලියද්ද,,
ලබුදූව, ගාල්ල.

හමුවක් සදහා වේලාවක් වෙන් කරවා ගැනීම.
අමතන්න:
077 - 3021978
071 - 4319129