වෘෂභ

ආලයට, ආදරයට, කාමයට හා ධාතුවට අධිපති ග්‍රහයා වන කිව් ( සිකුරු ) ග්‍රහයාට හිමි වෘෂභය පඨවි හා තිර රාශියකි. මේ රාශිය ලග්න කොට උපන් අයගෙන් බොහෝ දෙනෙකුට පහත දැක්වෙන ගති ලක්ෂණ උරුම කොට ඇත්තතේ ය.

තම වාසිය බලාගෙන ක්‍රියා කරයි. ළගන්නා ලෙස කතා කරයි. කේන්ති ගියොත් තරමක් සැර පරුෂ යි. කාර්යයෙහි දක්ෂ ය. මසුරු ගතිය ඉස්මතු වන අවස්ථා බොහෝ ය. ඇතැම් විට ගුප්ත ස්වාභාවයක් දක්වයි. අනුන්ට යටත් කර ගැනීමට තරමක් අමාරු ය . ආත්ම ශක්තියෙන් යුක්තය. රහස් සිතේ රදවා තබා ගැනීම දක්ෂ ය. නිතරම ජයග්‍රහණය බලා ගෙන වැඩ කරයි. කැපී පෙනෙන සේ ඇදුම් පැළදුම් වලින් සැරසී සිටීමට ආශා කරයි. සුවඳ විලවුන් වර්ගවලට කැමැත්තක් දක්වයි. ඒවාට වියදම් කරයි. ගෙදර දොරේ අඩුපාඩුකම් නොතකා සමාජයේ කැපී පෙනීමට වෙර දරයි. නගරයට වඩා පිටිසර බද ව ජීවත් වීමට ආශා කරයි. අනුන්ගේ මතයට නොනැමෙයි, ගරු නොකරයි, තම මතයට වැඩ කරයි. අනුනට යමක් දෙන්නට මැලි වෙයි, අනුන්ගෙන් ගන්නට පෙළඹෙයි. සංගීතය ඇතුලු කලා විෂයන්ට නැඹුරු වෙයි. ප්‍රායෝගික දැනුම ඇත්තෙකි. යම් වැඩක් කරන්නට පෙර සැලසුම් කරයි. විවාහය බොහෝ විට තම අභිමතය අනුව සිදු වෙයි. නොදන්නා දේ වැඩිය, එහෙත් හැම දෙයක්ම දන්නා බව ලොවට පෙන්වයි. රාගයට වැඩි බරක් ඇති නිසා ඒ අංශයෙන් චෝදනාවලට ලක් වෙයි. අනුන් කෙරෙහි තබන විශ්වාසය නිසා පාඩු සිදු කැර ගනියි. වැඩි වෙහෙසක් නොවී මුදල් උපයා ගන්නට බලයි. අනවශ්‍ය දේ බොහෝ විට කතා කරයි. ඒ නිසා සතුරන් ඇති කැර ගනියි.

වෘෂභ ලග්නයෙන් උපන් අයට චන්ද්‍ර, බ්‍රහස්පති සහ සිකුරු යන ග්‍රහයෝ අසුභ ඵල උදා කරත්. රවි සහ සෙනසුරු සුභ ඵල දෙත්. ධනු ලග්නයත්, ගුරු හෝරාවත් එ සේම සුභ තැන.

බ්‍රහස්පතින්දා මේ ලග්නයෙන් උපන් අයට නරක ය.

සෙම් රෝග, උගුරේ ආබාධ , ඩිප්තීරියා, සෙම් ගෙඩි, මල බද්ධය, පීනස්, ඇස් රෝග වෘෂභයෙන් උපන් අයට පහසුවෙන් සෑදේ.

අප හා සම්බන්ද වෙන්න

සිරිධම්ම විදුහල ඉදිරිපිට,
159 A , වෙරලුගහ ලියද්ද,,
ලබුදූව, ගාල්ල.

හමුවක් සදහා වේලාවක් වෙන් කරවා ගැනීම.
අමතන්න:
077 - 3021978
071 - 4319129