කන්‍යා

ඥානයට අධිපතිකම් කරන බුධ ග්‍රහයාට මේ රාශිය අයත් වේ. මේ රාශිය ලග්නය කොට උපන් අයගේ සමහර ගති ලක්ෂණ මෙ සේ ය.

ධාර්මික ය. එහෙත් ගුප්ත ය. අවංක වුවත්, අනුන්ගේ අඩු-පාඩු සොයයි. කතා බහ නිරවුල් ය. තැනේ හැටියට ඇණේ ගසන්නට ද දක්ෂ ය. කලබල ගතිය වැඩි ය. එනිසා බොහෝ දේ අමතකව යයි. කාර්ය සූරය. විටෙක අලස ගතියක්ද දක්වයි. අධයාපනයේ දක්ෂතා පෙන්වයි. ආත්ම විශ්වාසයෙන් යුක්තය. ආත්මාර්ථකාමී ය. යමෙකුට දෙනුයේ තමාට එපා වූ දෙය කි. ඉදිරියට යාමේ ශක්තිය අඩු ය. නායකත්වයක් ගෙන කටයුතු කිරීමට මැළි ය. මසුරු ය. තම වාසිය පිණිස කටයුතු කරයි. රස කෑමට ගිජු ය . ලෙඩට දුර සිටම බිය වේ. කාල සටහනක් අනුව ගෙදර දොරේ වැඩ කර යි. මුදල් වියදම් මේ දී බොහොම අරපරෙස්සම් ය. යුග ජීවිතය අවුල් නොවන පරිද්දෙන් ගෙන යයි. කතා කරන්නට පටන් ගත හොත් අල ගිය තැන් මුල ගිය තැන් දක්වා කතා කරයි. තමන්ගේ සුලු දේ ගැන වුව පුරාජේරුවට කතා කරයි. යම් කටයුත්තකදී වියදම් කරන්නට සිදු වුව හොත් ඒ වියදම පිට අයෙකු වෙත පටවා තමා නිදහස් වෙන්නට බලයි. වගකීම් දැරීමට අකමැති ය. ප්‍රශ්නයක් මතු වූ විට ඊට මුහුණ නොදී ලිස්සා යයි. කන්‍යා ලග්න කාන්තාවක් ගෙදර වැඩ කටයුතු සියල්ල සැමියාගෙන් සිදුවන තුරා බලා සිටි යි. කන්‍යා ලග්න පුරුෂයෙකු නම් , ඔහු පවුලේ නායකත්වය හැම විටම බිරිය සතු වනු දැකීමට කැමැති ය. අනුන්ගේ උපදෙස් ලබා ගැනීමට අකැමැති ය. එහෙත් අනුන් කරන දේ හොඳින් දැන බලා ඒ අනුව කරන්නට උත්සාහ දරයි. තමනට කොපමණ තිබුණත්, අනුන් ඉදිරියේ ඒ සියල්ල සගවන සුලුය.

මේ ලග්නයෙන් උපන් අයට අඟහැරවාදා මාරක දවසකි. සිකුරාදා දවස යහපත් ය.

සුදු, කොළ සහ කහ පැහැති ඇදුම් පැළදීම යහපත් ය. නිල් සහ රතු පැහැ අසුභ ය.
එකි නෙකාගේ ඇද පලුඳු සෙවීම, ඉදිරියට යාමට ඇති අලස ගතිය, ආත්ම ශක්තිය අඩුකම, පොඩි දේ ගැන වුව සිතමින් ඒවාට ඇගිලි ගැසීම කන්‍යා ලග්නයෙන් උපන් අයගේ සහජ දුර්වල ගති ලක්ෂණ අතුරෙන් ප්‍රධානය.
යම් විධියකින් ලග්නාධිපති බුද ග්‍රහයා කේන්දරයේ දුර්වලව පිහිටා තිබුණොත් වචන උච්චාරණයෙන් දුර්වල විය හැකි ය. ඇතැම් විට ගොළුවකුගේ ගති ලක්ෂණ දැකිය හැකි ය.

අප හා සම්බන්ද වෙන්න

සිරිධම්ම විදුහල ඉදිරිපිට,
159 A , වෙරලුගහ ලියද්ද,,
ලබුදූව, ගාල්ල.

හමුවක් සදහා වේලාවක් වෙන් කරවා ගැනීම.
අමතන්න:
077 - 3021978
071 - 4319129