ජ්‍යෝතිෂ ශාස්ත්‍රය යනුවෙන් බොහෝ දෙනෙක් හදුන්වන ජ්‍යෝතිෂය ශාස්ත්‍රයක් නොව විද්‍යාවකි. ලොව දැනට බිහිවී ඇති අනෙක් විද්‍යාවන් මෙන් ජ්‍යෝතිෂ විද්‍යාව ගැන පර්යේෂණ පවත්වන ලද අයද විරලය. ලංකාවේ එවැනි ආයතන නොමැති තරම්ය.
ජ්‍යෝතිෂ විෂය ආරම්භ වූයේ කවදා ද කොතැනදී ද යන්න කිසිවෙක්හට නිවැරදිව කිව නොහැකි මුත් වසර දහස් ගණනක් තිස්සේ මෙම විෂය උතුම් ශාස්ත්‍රක් ලෙස වර්ධනය වෙමින් පැවත ඇති බව නම් අවිවාදයෙන් පිළිගත යුතුවේ. වසර දහස් ගණනක් තිස්සේ අඛණ්ඩව නොනැසී පැවතීමෙන් මෙම විෂයෙහි අති විශාල වටිනාකමක් ඇතිබැව් පැහැදිලිවේ.

ජ්‍යෝතිෂය කිසිදු ආගමකට කිසිම ජාතියකට කොටු වූ , පටු වූ හෝ වෙන් වූ ශාස්ත්‍රයක් නොවේ. කොයි කා හටත් එකසේ ප්‍රයෝජන ගත හැකි යි. ඒ තරමටම සර්ව සාධාරණ වද්‍යාවකි. මේ ලෝකයේ අද පවත්නා සෑම ආගමකටම දර්ෂණයකටම වඩා ජ්‍යෝතෂ ශාස්ත්‍රය පැරණිය. එහි මූලාරම්භය සැකයකින් තොරව කියන්නට හැකි අයෙක් නොමැති තරම්ය. ඒ අනුව බලන විට ජ්‍යෝතිර් විද්‍යාව කිසිදු ආගමකට , ජාතියකට උරැම කර ගැනීමට පුලුවන් කමක් නොමැත.

මෙම උතුම් විෂය සම්බන්ධව වන වඩාත්ම වැදගත් ලක්ෂණය වන්නේ එම විෂය සතුව ඇති අනාවැකි පැවසීමේ ශක්තියයි. තමාවෙත පැමිණි හෝ නොපැමිණි කවර නම් වූ හෝ පුද්ගලයෙක්ගේ වුවද උපන් වේලාව හා ස්ථානය ලබාදුන් පමණින් එම පුද්ගලයාගේ හැඩරුව , ගති ගුණ. චරිත ලක්ෂණ, රැකියාව,විවාහය, දූ දරුවන්, ලෙඩ රෝග, අධ්‍යාපනය ආදිය සම්බන්ධව ද ඉතා නිවැරදි තොරතුරු රාශියක් ඉදිරිපත් කළ හැකි ජ්‍යෝතිෂ විෂය අන් කවර වූ ලෞකික විෂයක් සමග හෝ සන්සන්දනය කළ නොහැකි වේ.

යම් පුද්ගලයෙක් උපදින මොහොතේ එම ස්ථානයට සාපේක්ෂව නැගෙනහිර සිතිජයෙන් උදාවෙමින් තිබෙන රාශිය ලග්නය ලෙස ජ්‍යෝතිෂයේදී හදුන්වයි.ඒ මොහොතේදී පෘථිවියට සාපේක්ෂව අනෙක් ග්‍රහලෝක පිහිටි ස්ථාන දැක්වෙන ආකාශ සිතියම ඡන්ම කේන්ද්‍රය වශයෙන් සලකනු ලැබේ.
ඇත්ත වශයෙන්ම යම් පුද්ගලයෙක් මෙලොවට බිහිවීම මෙන්ම ඒ සිදුවීම සිදුවන මොහොතේ පෘථිවියවටා අවකාශයේ සූර්යයා, චන්ද්‍රයා සහ අනෙක් ග්‍රහලෝකවල පිහිටීමද හුදු භෟතික සංසිද්ධියක්ම වේ.එය නූතන භෞතික විද්‍යව අනුව පැහැදිලි කළ හැකි විස්තර කළ හැකි සිදුවීමක් වන අතර භෞතික විද්‍යාඥයන්ට එය ස්භාවිකව සිදුවන භෞතික සංසිද්ධියක් පමණක් වුවත් ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයන්ට නම් එම සිදුවීම සිදුවීම් වැලක ආරම්භය වන්නේය.

සූර්යාගෙන් නික්මෙන රශ්මි කිරණ පොළවේ ඇති ප්‍රතිශෝධන කිරණ හා ගැටීමෙන් ආලෝකය නික්මෙන බව විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ. චන්ද්‍රයාට රශ්මියක් නැත. සූර්යාගෙන් ලැබෙන කිරණ ශක්තීන් නිසි පරිදි සකස් කර ජීවීන්ගේ සහ ගස්වැල්වල ප්‍රයෝජණය සඳ
හා බෙදා දීම චන්ද්‍රයාට අයත් කාර්ය භාරයයි.අනෙක් ග්‍රහයන්ගේ කිරණද ඉතා සුලු වශයෙන් ඒ ඒ ග්‍රහයින් සිටිනා දුර හා කෝණ අනුව ඔවුන් ගමන් කරණ වේගයන් අනුව පොළවට පතිත වෙයි. සමහර කිරණ වස විස මෙන් සලකන අතර අනෙක් කිරණ ඖෂධ ලෙස සෘෂිවරැන් විසින් හඳුන්වා ඇත.

බොහෝ දෙනෙක්ගේ සැකසංකා වනුයේ , සූර්යයා සමග සෙෘරග්‍රහ මණ්ඩලය එකම තත්පරයක් හෝ එකාකාරයෙන් නොසිට යම් උප්පත්තියක් සිදුවූ පසු එය එම ජීවියාගේ ජීවිත කාලයේදීම සිදුවන ජීවන සිදුවීම් ප්‍රකාශ කරන්නේ කිනම් මූලධර්මයක්මතද, උපතේදී ග්‍රහයන්ගේ පිහිටීම හා බල දුබලතා අනුව ප්‍රථිපල දීමට එම ග්‍රහයින් නැවත ක්‍රියාත්මක වන්නේ කෙසේද යැයි සිතමින්ය.

එය මෙසේ පහදා දිය හැකියි. ග්‍රහයින්ගෙන් අපට ලැබෙන රශ්මි කිරණ වායුගෝලය සමග ගැටීමෙන් ඇතිවන ප්‍රතික්‍රියා හේතු කොටගෙන විද්‍යුත් චුම්භක තරංගමාලා බවට පත්වන්නේය. එම තරංගමාලා වායුගෝලයේ සෑම අස්සක මුල්ලකම එකාකාරව විහිදීයයි. නමුත් ග්‍රහයා සිටින දුර ප්‍රමාණය අනුවත් කෝණය අනුවත් පොළවේ සෑම ස්ථානයකටම ලැබෙන තරංගමාලා අඩු වැඩි වෙමින් පවතින හෙයින් ඒ ඒ ස්ථානවලට ලැබෙන තරංග මාලාවල බල දුබලකම් ඇතිවේ. වායු ගෝලයට ලැබෙන කිරණ ග්‍රහයා ගමන් කරණ වේගය අනුවත් රාශි හා නැකත් අනුවත් තත්පරයෙන් තත්පරය වෙනස් වෙමින් පවතී.

උදාහරණයක් වශයෙන් ගුවන්විදුලිය ගතහොත් ගුවන්විදුලි තරංගමාලා ඒවා නිකුත් කරණ ස්ථානයේසිට ඇති දුර ප්‍රමාණය අනුවත් කෝණය අනුවත් වෙනස් වෙමින් පවතින්නේය. එම නිසා සෑම ස්ථානයකටම පැහැදිලි තරංගමාලා ලැබෙන්නේ නැත.ගුවන්විදුලි තරංගමාලා වලින් අපට ශබ්දය ඇසෙනවා විනා ඒවා දැක ගැනීමට නොහැකියි.

සියලු ග්‍රහයින්ගෙන් නිකුත්වන රශ්මිමාලා තරංගමාලා බවට පත්වී ඒවා වායුගෝලයේ සෑම තැනම පෙරකීපරිදි බල දුබලකම් ඇතිව පවතී. යම් උපතක් සිදුවූවිට එම ජීවියා පළමු හුස්ම ගැනීමත් සමග වායු ගෝලයේ අන්තර්ගතවී ඇති රශ්මි කිරණ තරංගමාලා ජීවියාගේ ශරීරයට උරා ගනී. එම රශ්මි මරණය දක්වාම ජීවියාගේ හරීරයවටා වලල්ලක් මෙන් භ්‍රමනය වෙමින් පවතී. ජීවියාගේ මරණය ලංවූවිට ඒවා ක්‍රමයෙන් ඉවත්වීමට පටන්ගනී. රශ්මිමාලා සම්පූර්ණයෙන්ම ඉවත්වූවිට මරණය සිදුවන්නේය.

මෙම කිරණ පියවි ඇසින් බලා ගැනීම සදහා කිරිලියන් තාක්‍ෂණයට අනුව විද්‍යාඥයන් විසින් උසස් තාක්‍ෂණයෙන් යුක්තව නවීණතම උපකරණයක් Inner Energy 3D Aura Scanner නමින් නිපදවා ඇත. මෙම උපකරණය මගින් මනුෂ්‍යයෙකුගේ රශ්මි කිරණවල ඇති වෙනස්කම් නිරීක්‍ෂණය කිරීමෙන්, මානසිකව හා ශාරීරීකව ඇතිවන පීඩාවන් පිළිබද සියසින් දැක අවබෝධයක් ලබාගත හැකියි. අප සම්මා සම්බුදුරජානන් වහන්සේ සියලු කෙලෙස් වලින් මිදී සිත දමනය කළ උත්තමයෙක් නිසා උන්වහන්සේවටා භ්‍රමණය වෙමින් තිබූ වර්ණවත් රශ්මිමාලා පියවි ඇසට දැක ගැනීමට තිබූ බවට බෞද්ධ ඉතිහාසය පැහැදිලිවම සාක්ෂි දරයි.

ජන්මියෙකුගේ ශරීරයට කාවැදී ඇති කිරණ ශක්තීන් ජීව්තයේදී ක්‍රියාත්මක වන අන්දම සොයා බැලීම සදහා ජ්‍යෝතීෂ හදුන්වා දුන් සෘෂීන් විසින් ක්‍රමයක් සකස් කර ඇත.

ක්‍රිෂ්ණමූර්ති පද්ධති ක්‍රමයේදී මෙය විංශෝත්තරී මහ දශා ක්‍රමය නම් වේ. උපතේදී මිනිස් සිරැරට කාවැදී ඇති ග්‍රහ කිරණ තෝරා බේරාගෙන ඒවා විග්‍රහ කිරීමට, ක්‍රිෂ්ණමූර්ති පද්ධති ක්‍රමයේදී මෙම විංශෝත්තරී මහ දශා ක්‍රමය මගින් ඉතාමත් නිවැදරි ජන්ම පත්‍ර පරීක්ෂාවක් සඳහා ඉමහත් පිටුවහලක් ලැබේ.

ජ්‍යෝතිෂ ශාෂ්ත්‍රඥයකුට එක් මොහොතක් තවත් මොහොතකින් වෙනස් වීම කෙරෙහි කරැණු ගණනාවක් පලපවත්වයි. ලග්නය , නවාංශකය, තිථිය, යෝග, කරණ, නැකත, හෝරාව යනාදී ජ්‍යෝතිෂමය සාධක ගණනාවක් මෙහිදී සැලකිල්ලට ගැනේ. මෙහිදී වඩාත් විෂ්මය ජනක සිදුවීම වන්නේ යම් පද්ගලයෙක් උත්පත්තිය ලබන මොහොතේදී බලපවත්වමින් තිබූ ඉහත කී ජ්‍යෝතිෂ සාධක එම පද්ගලයාගේ සමස්ත ජීවිතයේ සිදුවීම් හා එම සිදුවීම්වල පෙළගැස්ම කෙරෙහි අති විශාල බලපෑමක් ඇති කිරීමයි. මෙම බලපෑම හුදු භෞතිකව සිදුවන සංසිද්ධියක් සේ විස්තර කලහැකි නොවේ. කර්ම බලවේගය පුණ්‍ය බලවේගය, දෛවය යනාදී වශයෙන් භෞතික විද්‍යාවට අයත් නොවන අර්ථ දැක්වීම් හා සංකල්ප භාවිත කරමින් විස්තර කිරීමට සිදුවන්නේ එම සිදුවීම් පෙළයි.

යම් පුද්ගලයෙක් උපත ලබනා මොහොතේ එම උපන් ස්ථානයට සාපේක්‍ෂව උදාවෙමින් තිබූ ලග්නය, නවාංශකය, ද්වදශාංසකය, ත්‍රිශාංසකය, යනාදී වහයෙන් අති සියුම් තත්වයන් දක්වා ගණනය කළහැකි උවත් ඒ සියල්ලටම වඩා පෘථිවිය වටා අවකාශය තුල සූර්යයා, චන්ද්‍රයා ඇතුලු ග්‍රහලෝකත්, රාහු සහ කේතු යන ලක්ෂ දෙක පිහිටි රාශීන් කුමන ඒවාද යන්නත් එම ග්‍රහලෝක එකිනෙක කෙරෙන් සාපේක්ෂව පිහිටීම් ආදියත් අතිශය වැදගත් වේ.

ක්‍රිෂ්ණමූර්ති ක්‍රමවෙිදයේදී යම් උත්පත්තියක් සිදුවූවිට එම වේලාව අනුව භාව කේන්ද්‍රය සාදා අප උත්සාහ කරණුයේ එම වේලාවේ එම ස්ථානයේ වැටී ඇති ග්‍රහ කිරණ ප්‍රමාණයෙන් ඒවායේ බල දුබලකම් ආදිය පිළිබද නිවැරදි අංශකයටම සොයා ගැනීමයි. ග්‍රහයන්ගේ බල දුබලතා පිහිටීම සංයෝග යනාදිය එම අවස්ථාවේ ග්‍රහයින් සිටී භාව රාශි නැකත් ආදිය නිවැරදි අංශකයටම සලකා බලා, ග්‍රහයන්ගේ අධිපතීන්, උපස්ථාන අධිපතීන්, උප උප අධිපතීන් සූක්ෂම අධිපතීන් භාවිතයට ගෙන. , ජ්‍යෝතිෂ සාස්ත්‍රඥයා විසින් ජන්මියාගේ සිරැරට කාවැදී ඇති කිරණ ප්‍රමාණය ගැන නිවැරදි තීරණයකට බසිනු ලැබේ.

එමනිසා දළ කේන්ද්‍රයකින් පලාඵල කීම ක්‍රිෂ්ණමූර්ති පද්ධතියෙන් මෙන් ඉතාමත් ගැඹුරින් කළ නොහැක.

නිදසුනක් ලෙස X- Ray පරීක්‍ෂාවකින් ගත හැකි නිගමනයන්ට වඩා Scan පරීක්ක්‍ෂාවකින් වඩාත් ගැඹුරැ නිගමනයන් ගතහැක. පියවි ඇසින් දකිනවාට වඩා බොහෝදේ අන්වීක්ක්‍ෂයකින් දැක ගනීම ඉතා සරලව පෙන්වා දිය හැකියි.