ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය කියන්නේ ඉන්දියාවෙ මහාචාර්ය ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා විසින් ජන්මපත්‍ර පරීක්ෂා කිරීමට නිර්මාණය කරණ ලද අති දියුණු ක්‍රමවේදයක්. ක්‍රිෂ්ණමූර්ති පද්ධතියෙන් පලාඵල කීම සාම්ප්‍රධායික ක්‍රමවේදයෙන් සම්පූර්ණයෙන්ම පරිභාහිර වූ සංකීර්ණ කාර්යයක්. ඒ දසහා වෙනමම ඉතා ගැඹුරින් හැදෑරීමක් අවශ්‍ය වේ. 

අසම්පූර්ණ දළ කේන්ද්‍රයෙන් පුද්ගලයෙක්ගේ ජීවිතය පිළිබද කිවහැකි පරාසය ඉතාමත් සීමාසහිතවේ. එසේම පලාඵලවල නිරවද්‍යතාවයේත් සීමාවීමක් තිබේ.බොහෝ දෝෂ අපල තත්ව දළ කේන්ද්‍ර පරීක්ෂාවේදී පෙන්වනදේ ඉතාමත්ම නිවැරදි නොවේ. 

මෙනිසා ජන්මපත්‍ර පරීක්ෂාව සදහා මෙයට වඩා දියුණු හා සාර්ථක වගේම ගැඹුරු විචාරයක් ඉදිරිපත් කළ හැකි ක්‍රමවේදයක අවශ්‍යතාවය මතුවේ. එම අවශ්‍යතාවය සදහා ක්‍රෂ්ණමූර්ති පද්ධතිය නිසි පිළියමක් වේ.                                                                                                       

මෙසේ සාදනු ලබන දළ රාශි කේන්ද්‍රය හා ක්‍රිෂ්ණමූර්ති පද්ධති භාව කේන්ද්‍රය අතර පැහැදිලි වෙනස්කම් ගණනාවක් ඇත.

දළ රාශි කේන්ද්‍රයකදී  රාශියක ප්‍රමාණය හා භාවයක ප්‍රමාණය අංශක 30 කි. එම රාශි සහ භාව එකමත එක පිහිටයි. එහිදී විශාලවන භාව සදහා ඉඩ කඩ මදි වීමෙන් එම භාව ගිලීමකට ලක්වේ. එහිදී එම භාවයන් තුලින් නිවේදනය වන කරුණු ජන්මියාට උරුම නොවේ.

ක්‍රිෂ්ණමූර්ති පද්ධති කෙන්ද්‍රයේදී  අංශක 30 බැගින් වූ රාශි 12 එලෙසම පවතින අතර භාව 12 යම් යම් වෙනස්කම් වලට භාජනය වෙයි. එහිදී සෑම භාවයකම අංශක ගණන එක ප්‍රමාණයෙන් යුක්ත නොවේ. එනම් අදාලතාවය අනුව සමහර භාව අංශක 30ට වඩා කුඩාවන අතර සමහර භාව අංශක 30ට වඩා විශාල වේ. මෙහිදී මුලු භාවය තුලින්ම නිවේදනයවන කරුණු ජන්මියාට උරුම වේ.

දළ රාශි කේන්ද්‍රයකදී ග්‍රහයන් ලකුණු කිරීමේදී අදාල රාශිය තුල ග්‍රහයා  ලකුණු කිරීම පමණක් සිදුකරයි.

ක්‍රිෂ්ණමූර්ති පද්ධති කේන්ද්‍රයේදී ග්‍රහයන් ලකුණු කරණුයේ හරියටම ග්‍රහයා සිටින අංශකය මතයි. පලාඵල ඉතාමත් නිවැරදිව ප්‍රකාශකල හැකි වන්නේ මෙනිසායි.

ක්‍රිෂ්ණමූර්ති පද්ධති කේන්ද්‍රය අනුසාරයෙන් පලාඵල ප්‍රකාශ කිරීමේදී ග්‍රහයා සිටින රාශියත් භාවයත් යන දෙකම සලකා  තුලනාත්මකව පලාඵල ප්‍රකාශකල හැකිය.

ක්‍රිෂ්ණමූර්ති පද්ධති කේන්ද්‍රයේදී ග්‍රහයන්ගේ අධිපතීන්, උපස්ථාන අධිපතීන්, උප උප අධිපතීන් සූක්ෂම අධිපතීන් භාවිතයට ගනී. දළ රාශි කේන්ද්‍රයේදී එවැනි භාවිතයක් සිදු නොවේ.

දළ රාශි කේන්ද්‍රයට සාපේක්ෂව ක්‍රිෂ්ණමූර්ති පද්ධති කේන්ද්‍රය බෙහෙවින් සංකීර්ණය.

බොහෝවිට ජන්මියෙකුගේ දළ රාශි කේන්ද්‍ර සටහනත් ක්‍රිෂ්ණමූර්ති පද්ධති කේන්ද්‍ර සටහනත් සමාන නොවේ. බොහෝ විට භාවාධිපතීන්, ඇතැම්විට 22 වන දෙර්කානාධිපති ග්‍රහයා සහ එම ග්‍රහයා සිටින රාශිය, ග්‍රහයන්ගේ පිහිටීම නමි අනිවාර්යයෙන් වෙනස් වෙයි.

උදාහරණයක් ලෙස දළ කේද්‍රයේ කුජ ග්‍රහයා 7වන භාවයේ පිහිටීම නිසා කුජ දෝෂය සහිතවූ ජන්ම පත්‍රයක් ගත්කළ, බහුතරයක් ජ්‍යෝතීර්වේදීන් පලාඵල වචාරයේදී ඔවුන්ගේ මතය පදනම් වන්නේ කුජ 7 හි පිහිටීම ගැන පමණකි.

නමුත්, එම ජන්ම පත්‍රය ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය මගින් පරීක්ෂා කිරීමේදී , කුජ 7 හි පිහිටියත්  කුජගේ උපත් ස්ථානය පාපී ග්‍රහයන්ට හසුවී ඇතිද නැතිද යනවග 100% ක්ම නිවැරදිව පැවසිය හැකියි. එබැවින් සංකීර්ණ විචාර දළ කෙන්ද්‍රයෙන් කළ නොහැකිබව පෙන්වාදිය හැකියි.

මෙවැනි පාපී නොවන ජන්මපත්‍රයක් පාපී ජන්මපත්‍රයක් සමග සසදා දුන්විට සිදුවන දෙය පිළිබද වටහාගතහැකි නොවන්නේද, එවිට ජන්මපත්‍රය පරීක්ෂා කළ ක්‍රමවේදය නොව ජ්‍යෝතිෂයට දෝශාරෝපන එල්ලවීමත් මිනිසුන්ගේ පිළිගැනීම , විශ්වාසය පලුදුවිමත් සිදුනොවන්නේ යැයි කිවහැකි ද?

සුභ අනාගතයක් තිබෙන බවට මත පළවුු පුද්ගලයන්ගේ ජීවිතයේ දෝෂ සහිත අවස්ථා බොහෝමයක්  ක්‍රිෂ්ණමූර්ති පද්ධති කේන්ද්‍රය හරහා පහසුවෙන් හදුනා ගැනීමට හැකියාව ඇත. ඒ ආකාරයේ ගැඹුරු විචාරයක් හා දියුණු ක්‍රමවේදයක් තුළින් ජන්මපත්‍ර පරීක්ෂා කරීමෙන් 100% ක්ම වගකීමෙන් යුතුව නිවැරදි පලඵල ලබා දීමට හැකියි. එසේම ජන්මපත්‍රයේ දෝෂ පැවතුනද ඒ සදහා සාර්ථකව හා සරලව පිළියම් නිරිදේශ කිරීමේ හැකියාවද පවතී.

එසේම නිවුන් දරු උපතකදී පළමු  දරුවා උප්පත්තිය ලබා වනාඩි 1 කට පසු දෙවැනි  දරුවා උප්පත්තිය ලැබූ විටදී සාමාන්‍ය අයුරින් සැකසෙන ජන්මපත්‍රවල එකම ලග්නය, නවාංශකය, ග්‍රහපිහිටීම් ද වෙනසක් නොවේ. එසේනම් ඔවුන්ගේ ජීවන රටාව එක සමාන වියයුතු නොවන්නේ ද? 

සමාන රූපී ජන්මපත්‍ර හිමි නිවුන් දරුවන්ගේ ජීවන පැවතුම්, ගතිගුණ, අධ්‍යාපනය, රැකීරක්ෂා ආදී සාමාන්‍ය තොරතුරු ද එකිනෙකට වෙනස්වේ. යම් අවස්ථාවලදී එක් අයෙක්ට අල්පායුෂද අනෙක් දරුවාට දීර්ඝායුෂද  හිමිවේ. එහෙත් සමාන ග්‍රහ පිහිටීම් ඇති ජන්ම පත්‍රයක් වෙතින් මෙවැනි වෙනස්කම් දැකිය හැකි වන්නේද ? 

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය මගින් ජන්මපත්‍ර සැකසීමේදී හෝ පරීක්ෂාවේදී නිවුන් දරු උපතකදී ජන්මීන්ගේ ජීවන තොරතුරු මෙන්ම ආයුෂ ගණනය කිරීම්ද ඉතාමන් නිවැරදිව සිදුකළ හැකියි.

උපන් වේලාව,දිනය හා ස්ථානය පදනම් කොටගෙන   ක්‍රිෂ්ණමූර්ති පද්ධති කේන්ද්‍රය හා දළ රාශි කේන්ද්‍රය යන දෙකම සැසදූකල මෙය මනාවට තහවුරු කරගත හැකියි.

අතීනයේ ජ්‍යෝතිෂවේදීන්  කේන්ද්‍ර පරීක්ෂාව සදහා  ක්‍රිෂ්ණමූර්ති පද්ධති කේන්ද්‍රය බහුලව භාවිතාකල බව ජ්‍යෝතිෂ පොත පතේ  දැක්වෙයි. කෙසේ වෙතත් හැකි සෑම විටම සුභ මුහුර්ථයක්, විවාහ සීහුමක්, මල්වර කේන්ද්‍රයක්, තත්කාල කේන්ද්‍රයක් සෑදීමේදී ක්‍රිෂ්ණමූර්ති පද්ධති කේන්ද්‍රයට සාදා ගැනීම උචිත වේ.

ජන්ම පත්‍රයක් පරීක්ෂාකර ඉතා නිවැරදි පලාඵල විග්‍රහයක් සහ අනාගතය පිළිබද නිවැරදිවන අනාවැකි ඉදිරිපත් කිරීම සදහා ජ්‍යෝතිෂ කරුණු පිළිබද දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ.ජන්ම පත්‍ර සියදහස් ගණනක් පරීක්ෂා කර බලා ඇති පළපුරුද්දත් , ඒ සියල්ලටම වඩා කිසියම් ගුප්ත බලයක්ද සාර්ථක ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයකු වෙත පිහිටිය යුතුයි. මෙම ශක්තිය ජ්‍යෝතිශයේ නියැලීමෙන්ම ජ්‍යෝතිෂ  ශාස්ත්‍රඥයකු තුළ නිරායාසයෙන් වර්ධනය වේ. එය කිසිසේත් තවත් කෙනෙකු විසින් ආරෝපණය කළ හැකි හෝ ලබා දියහැක්කක් නොවේ.

                       එය ඕනෑ කමින් ඇතිකර ගත හැකි දෙයක් නොව විෂයට හා තමන් වෙත පැමිණෙන සේවාලාභියාහට සැබෑ සේවා දායකත්වයක් ලබාදීමේ සැබෑ අවංක චේතනාවෙන් යුක්තව ජ්‍යෝතිෂ කටයුතුවල යෙදෙන්නාවූ ශාස්ත්‍රඥයන්තුල මෙම ශක්තිය හෝ බලය ඉබේ වර්ධනය වේ. එවැන්නකු අතින් ඉදිරිපත්වන ජන්මඵල විග්‍රහයක් හෝ අනාවැකියක් වැරදී යන්නේ ඉතා කලාතුරකිනි.

එක් ජ්‍යෝතිෂ  ශාස්ත්‍රඥයකු තුළ ඇති හැකියාවන් තවත් ජ්‍යෝතිෂ  ශාස්ත්‍රඥයකු සමග සංසන්දනය කිරීමට ද නොහැකිය. එම හැකියාව  ගුරැවරයාගෙන් ශිෂ්‍යාට හෝ පියාගෙන් පුත්‍රයාට දායාද නොවන්නාවූ හැකියාවකි.

සාම්ප්‍රධායික ජ්‍යෝතිෂ සිද්ධාන්ත හෝ ක්‍රිෂ්ණමූර්ති පද්ධති කේන්ද්‍ර ක්‍රමය හෝ නාඩි ජ්‍යෝතිෂ සිද්ධාන්ත ක්‍රමය හෝ වෙනත් ජ්‍යෝතිෂ ක්‍රමයක් භාවිතා කළත් යම් පුද්ගලයෙක්ගේ ජන්ම කේන්ද්‍රයක් පරීක්ෂා කර ඉදිරිපත් කරණ ජ්‍යෝතිෂ විග්‍රහය එම පුද්ගලයාට පමණක්ම සුවිශේෂවූ ජීවිත කියවීමක්ම වන්නේය. එසේ නොමැතිව කිසිම පුද්ගලයන් දෙදෙනෙක්ට එකම ජීවිත කියවීමක් ලැබිය නොහැක. කොම්පියුටර් ජීවිත කියවීම් මගින් පුද්ගලයෙක් පිළිබඳ ගතිගුණ හා හැඩරැව වැනි සාමාන්‍ය විස්තරයක් හැරුණකොට අනාගතය පිළිබඳ දින වකවානු සහිත සුවිශේෂ අනාවැකි සහිත පලාඵල විස්තරයක් කිසිසේත් අපේක්ෂා කළ නොහැක.

ජ්‍යෝතිෂ  ශාස්ත්‍රඥයකු තුළ යම් කිසි අධි මානසික හැකියාවක් තිබිය යුතුමය. එක් ජ්‍යෝතිෂ  ශාස්ත්‍රඥයකු තුළ ඇති හැකියාවන් තවත් ජ්‍යෝතිෂ  ශාස්ත්‍රඥයකු සමග සංසන්දනය කිරීමට ද නොහැකිය.

යම් ජීවියෙක් මෙලොව උපත ලබන අවස්ථාවේ, එම උපන් ස්ථානයට සාපේක්ෂව පෘථිවිය වටාවූ ග්‍රහලෝක ආදියේ පිහිටීම මගින් එම පුද්ගලයා මෙලොවට බිහිවීමට තුඩුදුන් අරමුණ, එම ජන්මියා අතීත ජන්ම භාවයන්හී දී කටයුතු කරඇති ආකාරය හා මෙම භවයතුල ජන්මියාගේ ජීවිත සැලැස්මෙහි ජීවිත සිදුවීම් පෙළගැස්සී ඇති ආකාරය වැනි තොරතුරු රාශියක්  නිරූපණය වේ. 

තවද එම සියලු තොරතුරු ඇතුලත්  සංසාරගත ප්‍රගති වාර්තාව නිවැරදිව කියවීමේ හැකියාව මත ජ්‍යෝතිෂ  ශාස්ත්‍රඥයකුගේ දක්ෂතාවය තීරණය වේ.